ගම්පහ ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය බෙදාහැරීමේ ජාලයක් මෙහෙය වූ මහර බන්ධනාගාර ජේලර්වරයෙකු ඇතුළු සැකකරුවන් 11 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවට වාර්තා වේ.
බන්ධනාගාර ජේලර්වරයා ඔහුගේ ප්‍රධාන ගෝලයෙකු කළ ඉල්ලීමක් මත අයිස් නැමැති මත්ද්‍රව්‍ය ග්‍රෑම් 11කට ආසන්න ප්‍රමාණයක් ලබාදීමට පැමිණීමේදී ගම්පහ – කිරිදිවිට ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බවට ගම්පහ පොලිසිය සදහන් කර තිබේ.
සෙසු සැකකරුවන් ගම්පහ – උග්ගල්බඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව සදහන්.
සැකකරුවන් අද ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත ය.