පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් වැලිකඩ බන්ධනාගාරයේ ජේලර්වරියක් අත්අඩංගුවට ගෙන ඇත.
අදාළ ජේලර්වරිය සැක කටයුතු බෙහෙත් පෙති කිහිපයක් බන්ධනාගාරය තුළට ගෙන යාමට උත්සහ කිරිමේදී මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.
ජේලර්වරිය අත්අඩංගුවට ගැනීමට උත්සාහ කිරීමේදී ඇය එම බෙහෙත් පෙති මුඛ්‍ය තුළට දමා සඟවා ගැනීමට ද උත්සහ කර ඇත.
කෙසේ නමුත් මේ වන විට අදාළ ජේලර්වරිය බෙහෙත් පෙති සමඟ අත්අඩංගුවට ගෙන ඇති අතර එම බෙහෙත් පෙති, මත් පෙතිද නැතිනම් ඖෂධ වර්ගයක් ද යන්න පරීක්ෂා කිරීමට බන්ධනාගාර රෝහල් වෛද්‍යවරුන් වෙත ලබා දී ඇත.