අප මේ වන විට රාජ්‍ය සේවයේ දූෂණ වංචා මෙන්ම අක්‍රමිකතා සෙවීම ආරම්භ කර තිබේ. ඒවා පලකිරීමේදී ශ්‍රී ලංකාවේ පවතින සාක්ෂි නීතියට අනුකූලවන සාක්ෂි ලබාගෙන ඒ අනුව පුවතට අදාළ සත්‍ය නාමයන් ප්‍රසිද්ධ කිරීමටත්, සාක්ෂි ලැබුනත් මානුෂික හේතුන් මත අපගේ අභිමතයන් පරිදි ප්‍රසිද්ධ නොකර අන්වර්ථ නාමයන් හෝ විවිධාකාරයෙන් හදුනාගැනීමට හැකි ලෙස සටහන් තබයි.
අප මීට දින කිහිපයකට පෙර “ සිරකරුවන්ගෙන් කප්පම් ගන්නා බන්ධනාගාර නිලධාරිනියක් අනියම් පෙමේ ද රස විඳී” ලෙස පුවතක් පල කරන ලදී. එම පුවත අප පළකර තිබෙන්නේ සාක්ෂි මත වන නමුත් බන්ධනාගාර සේවයද ශ්‍රී ලංකා පොලිසියටත් වඩා දූෂිතව තිබෙන බැවින් අප ඔවුන්ගේ නම් ප්‍රසිද්ධ කිරීමෙන් වැළකුණි. ඒ වැඩිහිටියන් කරනා කියනා දේවල් නිසා ඔවුන්ගේ අසරණ දරුවන් පීඩා විඳින බැවිනි. බොහෝ පුද්ගලයන් අපට ලබා දෙන තොරතුරු සත්‍ය බවට අප සාක්ෂි සකසා ගත්තත් ඔවුන් සියලුම දෙනාම සුරක්ෂා කිරීම අපගේ වගකීමක් බැවින් අප එසේ නම් ගම් පළකරනුයේ අප විසින්ම සකසාගෙන තිබෙන එක්තරා කොන්දේශි කිහිපයක් මතය.
එම පුවතෙන් පසුව බන්ධනගාර සැරයන් වලව්වත්ත සහ කාන්තා Il පෙළ ජේලර් ගංඟා දිල්හානි නමැති අඹු සැමි යුවලක් දුරකථන මාර්ගයෙන් අප හා සම්බන්ධ වෙමින් එම පුවත පළකර තිබෙන්නේ ඔවුන්ට විරුද්ධව බවද, ඔවුන් එවැනි ක්‍රියාවකට සම්බන්ධ නැතිබවද ප්‍රකාශ කරන ලදී. කෙසේ වෙතත් ඔවුන් අප සමග ඉතාම හොඳින් වැදගත් අකාරයෙන් කතා කල අතර ඔවුන්ට විරුද්ධව එසේ කටයුතු කරනා කිහිප දෙනෙකුම බන්ධනාගර තුල සිටින බවද සැරයන් වලව්වත්ත මහතා රාජකාරි කරනුයේ තුසිත උඩුවර මහතාගේ කාර්යාලයේ බවද සදහන් කරන ලදී. ඔවුන්ගෙන් පෞද්ගලිකව පලිගැනීම සදහා විවිද පුද්ගලයන් කටයුතු කරනා බවද ඔවුන් එයට සම්බන්ධ නැති බවද පුනා පුනා ප්‍රකාශ කරන ලදී.
කෙසේ වෙතත් අප එම පුවත මගින් කිසිම නිලධාරියෙකුගේ හෝ නිලධාරිනියකගේ නාමයන් සඳහන් කර නැත. වචන භාවිතාවේදී අප සමහර ස්ථානවලදී නීතිmaya දැනුමද, තවත් ස්ථානවලදී රසාස්වාදයද , තවත් ස්ථානවලදී අපහාසාත්මක දේද සටහන් කරනුයේ සිද්ධියට අනුවය. අපගේ අවශතාවය කිසිම නිලධාරියෙකු අපහසුතාවයට පත් කිරීම නොව, යහපත් බන්ධනගාර නිලධාරීන් පරපුරක් ඇතිකරමින් එය නිශ්චිත දිසාවට ගමන් කරවීම පමණි. එබැවින් බන්ධාගාර අධ්‍යක්ෂක ජනරාල්වරයා කල යුත්තේ අප පලකල පුවතේ සදහන් තොරතුරුවලට අනුව කරුණු සොයා පවතින නීතියට අනුව දඩුවම් ලබා දීම හෝ නැවතත් එවැනි සිද්ධීන් ඇති නොවීමට අවශ්‍ය පසුබිම සැකසීමයි.
එබැවින් බන්ධනගාර සැරයන් වලව්වත්ත සහ කාන්තා Il පෙළ ජේලර් ගංඟා දිල්හානි යන දෙපලගේ නාමයන් සටහන් කර නොමැති නිසා ඔබ දෙපල වෙනුවෙන් කනගාටුව සඳහන් නොකරමු. අපගේ පුවතින් අනාවරණය වන්නේ සමහර විට වෙනත් දෙදෙනෙකුද විය හැකිය. ඔවුන් කවුදැයි යන්න සෙවීම කල යුත්තේ බලධාරින්ය. අප කර තිබෙන්නේ අපට පිළිගත හැකි සාක්ෂි ඔස්සේ අනාවරණය කිරීමකි.
ඔබටත් ඔබේ ඕනෑම කතාවක් අපට කිව හැකිය. අප කිසිදා කිසිම තොරතුරුකරුවෙකු පාවා දෙන්නේ නැත. පලකරන තොරතුරෙන් අපහසුවට පත්වන පාර්ශ්වයේ තොරතුරුද ඔහුගේ ප්‍රකාශයන් පලකිරීමටද අප බැදී සිටී.