බන්ධනාගාර රැඳවියන් 151 ක් අතුරුදහන් වෙයි. ( වීඩියෝ)

ඊයේ සිදුවීමට සම්බන්ධ බවට සැකපිට ජනතාව විසින් ඊයේ අත් අඩංගුවට ගෙන තිබු බන්ධනාගාර රැඳවියන් පිරිසක් පිලිබඳව විවිද තොරතුරු සහ වීඩියෝවක් සමාජ මාධ්‍ය වල සංසරණය වෙමින් තිබේ. මේ පිලිබඳව අප සොයාබලමින් සිටින විට  කළම්බෝ ටයිම්ස් සම්පූර්ණ විස්තරයක් ඉදිරිපත් කර තිබේ.

ඒ අනුව ඊයේ බන්ධනාගාර රැදවියන් 181 දෙනෙකු කොළඹ වැඩ බිම් කිහිපයක කම්කරු වැඩ සඳහා යොදවා තිබේ.

මෙයින් සිරකරුවන් 151 දෙනෙකු මේ වෙද්දීත් අතුරුදහන් වී තිබේ. 30 දෙනෙකු නුගේගොඩ ගම් සභා හන්දියේදී සොයාගෙන තිබේ. ඔවුන් ඇද සිටින්නේ නිල් පාට බොටම් කලිසමක් සහ සුදු පැහැති T ෂර්ට් එකක් බවද, ඔවුන්ගේ අනන්‍යතාවය තහවුරු කිරීම සදහා වෙනත් කිසිම ලියවිල්ලක් ඔවුන් සතුව නොමැති බවද වාර්තා වේ.

කෙසේ වුවත් බන්ධනාගාර රැදවියන් මෙසේ පෞද්ගලික වැඩ බිම් වලට ලබා දීමට නීතිමය වශයෙන් ප්‍රතිපාදන සපයා නැත. නමුත් යම් මුදලක් රජයට ලබා දීමෙන් පසු එසේ ඔවුන් ලබා ගැනීමටද යම් හැකියාවක් තිබේ. නමුත් මෙහිදී චෝදනා එල්ල වන්නේ ඇවන්ගාඩ් අධිපතිට ලබා දී ඇති බවයි. තවත් චෝදනාවක් එල්ල වන්නේ ඊයේ ප්‍රහාරය සදහා මොවුන් යොදාගෙන තිබෙන බවයි. කෙසේ වුවත් සිරකරුවන් අවභාවිත කිරිමට නීතිමය වශයෙන් කිසිවෙකුටවත් නොහැකි බවද සටහන් කල යුතුය.  

එහෙත් පවතින ගැටලුව වන්නේ බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේ සිටිය යුතු සිරකරුවන් මෙසේ අතුරුදහන් වුයේ කෙසේද යන්නයි.?.

ප්‍රචණ්ඩකාරී වචන තිබෙන බැවින් කුඩා දරුවන්ගෙන් ඉවත් කර බලන්න

Exit mobile version