බන්ධනාගාර සිරකරුවන්ට පොදු සමාවක්.

හෙටට (4) දිනට යෙදී ඇති 75 වන ජාතික නිදහස් දිනය වෙනුවෙන් බන්ධනාගාරගතව සිටින රැදවියන් පිරිසකට ජනපති විසින් පොදු සමාවක් ප්‍රදානය කිරීමට කටයුතු කරන බව වාර්තා වේ.

මෙලෙස පොදු සමාවට භාජනය වන්නේ වසර 40ක් හෝ ඊට වැඩි සිර දඩුවමක් නියම කර හෙට (4) දිනය වන විට එම දඩුවම් කාලයෙන් වසර 20 ක කාලයක් ගෙවා අවසන් කර ඇත්නම් එම සිරකරුවන්ගේ ඉතිරි කාලය අහොසි  වන බව කියයි. එමෙන්ම හෙට (4) දිනය වන  විට බන්ධනාගාරගතව වසරක කාලයක් සම්පුර්ණ වේ නම් එම රැදවියන්ට දින 21ක කාලයක් සමාව හිමිවන අතර දඩ මුදල් නොගෙවීම සම්බන්ධයෙන් සිර දඩුවම් විදින රැදවියන්ගේ ගෙවමින් පවතින ඉතිරි දඩුවම් කාලය අහෝසි කරන ලෙසද වාර්තා කරයි.   මෙලෙස පොදු සමාවට භාජනය වීමට සුදුසු  රැදවියන්  හෙට (4) බන්ධනාගාරයෙන් නිදහස් කරන බව අතිරේක බන්ධනාගාර කොමසාරිස් ජනරාල් සහ බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක ප්‍රකාශයට පත් කරන ලදී .

Exit mobile version