බන්ධුල උදේ කීව බොරුව හවස් වෙද්දී මාට්ටු.  මැතිවරණය නවත්වන්න වෙන විදියට දිස්ත්‍රික් ලේඛ්ම්වරුන්ට ලිපි යවලා.

පලාත්පාලන ආයතන වෙනුවෙන් පැවැත්වීමට යෝජිත මැතිවරණය සදහා ඇප මුදල් තැන්පත් කිරීම නැවත දැනුම් දෙන තුරු අත් හිටුවන ලෙස කැබිනට් මණ්ඩලය මගින් තමන් වෙත දැනුම් දී ඇති බවට රාජ්‍ය පරිපාලන ලේඛම්වරයා විසින් දිස්ත්‍රික් ලේකම්වරුන්ට ලිපියක් යොමුකර තිබේ.

මේ පිලිබදව අදහස් දක්වමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සදහන් කලේ මැතිවරණය කල් දැමුවහොත් සියලුම ජනතාව සමග මහපාරට බසින බවයි. කෙසේ නමුත්  අමාත්‍ය බන්ධුල ගුණවර්ධන මහතා අද උදෑසන පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්චාවේදී මාධ්‍ය වේදීන් අසු ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින් ප්‍රකාශ කලේ රජයේ ස්ථාවරය මැතිවරණය පැවැත්වීමට සිදු වුවහොත් එය පවත්වන බවයි.

එසේ නම් බොරු කියන්නේ ආචාර්‍ය බන්ධුල ගුණවර්ධන මහතාද?, එසේත් නොමැති නම් රාජ්‍ය පරිපාලන ලේඛම් නීල් හපුහින්න මහතාද?   කවුරු කලත් කල යුත්තේ බොරුව තාවකාලික බවත් සත්‍ය එළිවෙන බවත් දැනගෙන විය යුතුය. අදාළ ලිපිය පහත දැක්වෙන අතර ඊටත් යටින් බන්ධුල ගුණවර්ධන මහතා උදැසන කල ප්‍රකාශය සහිත වීඩියෝව දැක්වේ.

Exit mobile version