වෙළඳ අමාත්‍ය අචාර්ය බන්ඳුල ගුණවර්ධන මහතාට ද කොවිඩ් ආසාදනය වී ඇති බව වාර්තාවෙයි.
මේ අනුව මෙම මාසය තුළ දී කොවිඩ් ආසාදිත බව තහවුරු වූ 09වෙනි පාර්ලිමේන්තු මන්ත්රීවරා ඔහු ය.
ඔහු ඊයේ (27) දිනයේ ජනපති ඇතුළු ඉහළ පෙලේ නිලධාරීන් සමග පැවති නිරෝධායන ඇඳිරිනීතිය තවදුරටත් දීර්ඝ කිරීම පිළිබඳව පැවති සාකච්ඡාවකට ද සහභාගී වී ඇත.
අමාත්‍යවරයාගේ කාර්ය මණ්ඩලයේ කිහිපදෙනෙකුට කොවිඩ් ආසාදනය වී ඇති බව තහවුරු වීමත් සමග සිදුකළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවේ දී ඔහු ආසාදිත බව තහවුරු වී ඇත.