බම්බලපිටියේ , ලොරිස් පාරේ ප්‍රදේශයක ව්‍යාජ අධ්‍යාපන ආයතනයක් පවත්වාගෙන යෑමේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවන් 05 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වේ .
අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 23, 25, 26 යන වයස්වල පසුවන පුවක්පිටිය, පල්ලෙවෙල, දෙමටගොඩ, පොළොන්නරුව සහ මතුගම ප්‍රදේශවල පදිංචිකරුවන්ය.
සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එක් අයෙකුට රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප මත මුදාහැර තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් එහි අධ්‍යක්ෂවරිය ලෙස කටයුතු කළ 24 හැවිරිදි කාන්තාවක් මීට පෙර සැකපිට අත්අඩංගුවට ගත් අතර පසුව ඇය ද ඇප මත මුදාහැරුණි.
සැකකාරිය අද (05) අලුත්කඩේ අංක 03 මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ 5ක ශරීර ඇපයක් මත එලෙස මුදාහැරීමට නියෝග කරන ලදී .