බමුණු කුලේ නුගත් මහබැංකු අධිපති හේතු දැක්වීමට සූදානම්. හේතු දක්වා පලක් නැත. අණ පනත් වෙනස් කර මජර නිලධාරීන් නිවැරදි මගට ගන්න.


“පාන් නැතිනම් කේක් කාපල්ලා” කීවේ දහසය වැනි ලුවී අධිරාජ්‍යයාගේ බිසව මාරි – ඇන්ටොනෙට් ය. “විදුලිය නැති නම් භූමිතෙල් ලාම්පු කුප්පි එළියෙන් පාඩම් කරන්න කීවේ විදුලිබල මංඩලයේ මජර මාධ්‍ය ප්‍රකාශකයි. ඒ ආකාරයටම මහබැංකු අධිපති නන්දලාල් ඇතුලු නඩයද අමුතු නාඩගමක් නටා මහජන බදුමුදල් ගසා කමින් ලක්ෂ ගණනින් වැටුප් වැඩිකරගෙන තිබෙන්නේ රටේ ජනතාවට හෙන ගැහුවත් අපට මොකෝ, අපි කාල බීල හිටියම ඇති යන ආත්මාර්ථකාමී සිතිවිල්ලෙන් බව අමුතුවෙන් කිව යුතු නැත. එය පෙන්වා අවසන්ය.


රට අරාජික වන්නේ මෙවැනි කණ්ඩායම් නිසා බවත්, පීඩිත මිනිසුන් මෙම මජර කණ්ඩායම්වලට වෛර කරමින් තව තවත් පීඩා විඳිමින් ඔවුන්ට එරෙහිව නැගී සිටින බව පාලක පංතිය වටහාගෙන නැත.


මෙම කටයුතු වලින් පෙන්නුම් කරනුයේ , මෙම මජර නිලධාරීන්ගේ පොදු ලක්ෂණයයි. අනියමින් සහ සෘජුවම වරප්‍රසාද ලබන්නේ , මෙම දුෂිත ක්‍රමය තුල වැජඹෙන මහ ධන සිටුවර පැළැන්තියට බැල මෙහෙවරකම් කරන අයවලුන් බව අප නිරන්තරයෙන්ම පෙන්වා දෙන්නේ මෙවැනි ක්‍රමවලට එරෙහිව දිගින් දිගටම මහජන නැගීම් සිදුවෙති.


රටේ සැමටම එක සමාන ලෙස සියල්ලම ලැබිය යුතු බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවම පෙන්වා දෙයි. එසේ නම් ඒවා එසේම නොවී, විවිධ කුලකවලට අවශ්‍ය ලෙස කටයුතු සිදුවීමෙන්, කිසිදා රටට යහපතක් සිදු නොවේ.


එසේම මහබැංකු අධිපතිවරයාට මෙන්ම එම මංඩලයේ අනෙක් උදවියද මුදල් සහ ධනය පිළිබදව උගතුන් වුවත්

රටක නීතිය, පැවැත්ම, සිතිවිලි මෙන්ම තත්වයන් හඳුනාගෙන නැති බව පැහැදිලිය. ඔවුන්ට ඕනෑ ඕනැ ලෙස නැටීමට අවශ්‍ය ලෙස පනතක් සකසා තිබේනම්, එයටද අත් උස්සා අනුමත කල මහජන නියෝජිතයන්ද නුගත් බව පැහැදිලිය. මුල්‍යමය ඉගෙන ගැනීම් මෙන්ම සමාජමය වශයෙන්ද උගතුන් මහබැංකුවක පාලකයන් විය යුතුය.

එසේ නොමැතිව කිසිදා රටක් හෝ ආයනයක් දියුණු වන්නේ නැත. එබැවින් අණ පනත් මගින් බිහිනර තිබෙන බමුණු කුලයන් සාමාන්‍ය තත්වයට පත්කල යුතු බව මේ වන විටත් පෙන්වා දී අවසන්ය.


ඒ අතර කළු කෝට් ඇදගෙන මහබැංකු අධිපති නන්දලාල් සඳහන් නරන්නේ වැටුප් වැඩි කිරීමට අදාළ සාධාරණ හේතු හෙළිකිරීමට සුදානම් බවයි. එය සාධාරණීක රණය කිරීම සාධාරණ නැති බවත්, තමන්ලා කර තිබෙන දේ වැරදි බව සිතීමටවත් ආචාර්ය නන්දලාල්ට නොතේරීම සාධාරණ ය.

ඒ මානව පැවැත්ම පිළිබඳව ඔහු ඉගෙන ගෙන නැති බව එම ප්‍රකාශයෙන්ම පෙන්වා දෙන බැවිනි.


මහ බැංකු අධිපති ප්‍රකාශ කරන්නේ, වැටුප් වැඩිකිරීම පිළිබඳ විනිවිදභාවය සහ වගවීම යන හේතූන් මත ඕනෑම පාර්ලිමේන්තු කමිටුවකට මේ පිළිබඳ කරුණු සහ විස්තර ඉදිරිපත් කරන ලෙස මහ බැංකුවෙන් ඉල්ලා සිටිය හැකි බව තමන් මේ සතිය මුලදී ජනාධිපතිවරයාට ලිඛිතව දැනුම් දුන් බව සිලෝන් වයර් වාර්ථා කර තිබේ.


“මේ කතාවේ අපේ පැත්ත කියන්න ඕනෑම කමිටුවක් ඉදිරියේ පෙනීසිටීමට අපි සූදානම්” යැයි ඔහු පවසයි. නමුත් එදා වේල හොයාගන්න බැරිව, රැකියා නැතිව දුක් විඳින මිනිස්සු ඉන්න රටක මහබැංකුවේ පැත්තෙන් පිළිතුරු දීමට දෙයක් නැත. ඒ මහබැංකු අධිපතිගේ හෝ මහ බැංකු මංඩලය තම නිවෙස්වලින් ගෙනා මුදල්වලින් වැටුප් ලබා නොදෙන බැවිනි. ඒවා සියල්ලම මෙරට මෙන්ම විදේශීය රටවල් වල පවා දුක් විඳින මිනිසුන්ගේ මුදල්ය.


රාජ්‍ය අංශයේ පටි තදකිරීමට අදාළ නියෝගය නොතකා තුන් අවුරුදු වැටුප් සංශෝධනය යටතේ 29.53% සිට 79.97% දක්වා අනුපාතයකින් මහ බැංකු සේවකයන්ගේ වැටුප් සකස් කිරීම දැඩි විවේචනවලට හේතු වී තිබිණි.
මහ බැංකු නියෝජ්‍ය අධිපතිවරයාගේ මාසික වැටුප රුපියල් 974,965ක සිට රුපියල් ලක්ෂ 17 දක්වා වන පරාසයකි ඉහළ නංවා ඇති අතර කාර්යාල කාර්ය සහායකයන්ගේ වැටුප් ද සැළකිව යුතු ලෙස ඉහළ නංවා තිබේ.


කාර්යාල කාර්ය සහායකයකුගේ මුළු වැටුප මේ වනවිට ආරම්භක මට්ටමේ වෛද්‍යවරයකුගේ වැටුපට වඩා ඉහළ ගොස් ඇතැයි ආරංචි මාර්ග පවසයි.


මෙවැනි විශාල වැටුප් වැඩිවීමක් සිදුකිරීමට මුදල් මණ්ඩලය තීරණය කර තිබුණේ මේ වන විට රටේ බහුතරය ආර්ථික දුෂ්කරතාවලට මුහුණ දී සිටින පසුබිමක් මධ්‍යයේය.


මේ සතිය මුලදී විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල පාර්ලිමේන්තුවට කියාසිටියේ මහ බැංකුවේ ස්වාධීනත්වය යනු පාර්ලිමේන්තුව මඟහැරීම නොවන බවයි.


ශ්‍රී ලංකා මහ බැංකුවට සිය වැටුප් සකස්කළ හැකි නමුත් එවැනි සාමාන්‍ය නොවන පියවරක් සඳහා පාර්ලිමේන්තුවේ අනුමැතිය අවශ්‍ය බව ඔහු වැඩිදුරටත් පැවැසීය.


ඇමැති නිමල් සිරිපාල ද සිල්වා පැවසුවේ, මුදල් සම්බන්ධයෙන් ව්‍යවස්ථාදායකයට බලය ඇති බැවින් මහ බැංකු නිලධාරීන්ගේ ඕනෑම වැටුප් වැඩිවීමක් පාර්ලිමේන්තුව විසින් අනුමත කළ යුතු බවයි.


මහබැංකු කාර්යාල කාර්ය සහායකයන්ට ලබාදී ඇති වැටුප් වැඩිවීම ගැන සඳහන් කරමින් ඔහු විමසා සිටියේ මෙතරම් තියුණු වැටුප් වැඩිවීමක් ලැබීමට කාර්යාල කාර්ය සහායකයන්ගේ විශේෂ රාජකාරිය කුමක්ද යන්නයි.


කෙසේවෙතත් මහ බැංකුවේ ඉහළ පෙළේ නිලධාරීන් පවසන්නේ, සාමූහික ගිවිසුම යටතේ මහ බැංකු සේවකයන්ගේ වැටුප් වැඩිවීම අත්‍යවශ්‍ය වන අතර, එම වැඩිවීමේ ප්‍රතිශතය මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය විසින් තීරණය කර අනුමත කළ යුතු බවයි.


එය කම්කරු දෙපාර්තමේන්තුවේ වැටුප් මණ්ඩලයට වඩා වෙනස් බව එම නිලධාරීන් ප්‍රකාශ කර තිබේ.
මහ බැංකු සේවකයන්ගේ වැටුප් වැඩිවීම සම්බන්ධයෙන් මුදල් අමාත්‍යංශයට පාලනයක් නොමැති බව මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය ද පැවැසීය.


මහ බැංකු සේවකයන්ගේ වැටුප් තීරණය කරන්නේ මහ බැංකු පාලක මණ්ඩලය බවත්, මූල්‍ය විශේෂඥයන්ට සහ ජ්‍යෙෂ්ඨ ආර්ථික විද්‍යාඥයන්ට අත්‍යවශ්‍ය සේවාවන් රඳවා ගැනීමට ඉහළ වැටුප් ගෙවිය යුතු බවත් ඔහු පැවැසීය.
වාර්තා වන පරිදි රේගු නිලධාරීන්, දේශීය ආදායම් තක්සේරුකරුවන්, සුරාබදු පරීක්ෂකවරුන් සහ අනෙකුත් ප්‍රධාන ආදායම් උත්පාදන ආයතනවල නිලධාරීන් ලබන්නේ මහ බැංකුවේ කාර්යාල සහායකයන්ට වඩා අඩු වැටුපකි.


එසේම මහ බැංකුවේ කාර්යාල කාර්ය සහකාර, කළමනාකාර සහකාර, ජ්‍යෙෂ්ඨ නිලධාරි, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධ්‍යක්ෂ සහ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් යන අයගේ වැටුප් දෙගුණයකින් වැඩිකර තිබේ.


දේශීය මිල ස්ථායිතාව, මූල්‍ය ස්ථාවරත්වය සහ ජනතාවට වැඩි වගවීම පවත්වාගෙන යෑම සඳහාත් එහි ජනවරම සහතික කිරීම සඳහාත් නව මහ බැංකු පනත පසුගියදා පාර්ලිමේන්තුවේදී සම්මත විය.

Exit mobile version