ඊයේ (12) රාත්‍රීයේදී බලපෑ වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමඟ බලංගොඩ ගවරංහේන, වැහිංතැන්න ප්‍රදේශයේ පස්කන්ද නාය ගොස් ඇති අතර එහිදි නිවාස 3කට හානි සිදුව ඇති බවත් නායයෑමෙන් එකම පවුලේ පුද්ගලයින් සිව්දෙනෙකු අතුරුදන්ව ඇති බව පොලීසිය පවසා තිබේ.
මෙහිදි එක් නිවසක සිටි මව, පියා සහ දියණියන් දෙදෙනා මේ වන විට අතුරුදන්ව ඇති බව පොලිස් මුලස්ථානය සඳහන් කර තිබෙන අතර කෙසේවෙතත් ඔවුන් පස් කන්දට යටවී ඇත් ද එසේත් නොමැති නම් නායයාමත් සමඟ වෙනත් ස්ථානයකට ගොස් ඇතිද යන්න පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.
ඊයේ රාත්‍රී කාලයේ මෙම සිදුවීම වාර්තා වු අතර පැවැති අධික වර්ෂාව හේතුවෙන් එම ප්‍රදේශයට ළඟාවීම අපහසු වීම මත ඔවුන් සම්බන්ධයෙන් නිශ්චිත තොරතුරු වාර්තා වී නොමැති බවත් කෙසේවෙතත් නායයාමට ලක්වු ප්‍රදේශය අධික බෑවුම් සහිත ප්‍රදේශයක් වන අතර තවත් නිවාස කිහිපයක පුද්ගලයින් එම ස්ථානයෙන් ඉවත් කිරීමට ද ආරක්ෂක අංශ පියවර ගෙන තිබේ.
අනතුරුදායක වැසි තත්ත්වයක් සම්බන්ධයෙන් ජාත්‍යන්තර කාලගුණ බලධාරීන් අනතුරු ඇඟවීමක් සිදුකර ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා හම්බන්තොට ප්‍රදේශයේ පැවැති උත්සවයකට එක්වෙමින් පවසා තිබේ.