ශ්රී ලංකා තේ මණ්ඩලය සඳහන් කළේ උඩරට තේ මිල ගණන් පහත ගොස් ඇති බවයි.
ඊට හේතු වී ඇත්තේ ගුණාත්මකභාවයෙන් අඩු තේ නිෂ්පාදන කිහිපයක් ප්රතික්ෂේප වීමයි.
ඉතිහාසයේ සිට ශ්රී ලංකාව ප්රසිද්ධියක් උසුලන්නේ තේ කුළුබඩු වර්ග හේතුවෙනි.සිලෝන් ටී කියන නම සෑම රටකම පාහේ අසන්නට ලැබෙන රසවත් නමක් ලෙස ප්රචලිතව පැවතියේ මෙරටින් රැගෙන යන තේ අස්වැන්නෙන් නිෂ්පාදනය කරනු ලබන තේ නිෂ්පාදන හේතුවෙනි.
නමුත් අද වන විට එම නාමය ද ලොවක් ඉදිරියේ හෑල්ලුවට ලක් කරමින් මෙසේ වගකීම් විරහිතව ප්රමිතියෙන් අඩු නිෂ්පාදන හඳුන්වා දෙනු ලබයි.
මේ පිළිබඳ වගකිව යුතු නිලධාරීන් නිසි ගුණාත්මක පරීක්ෂාවක් සිදු කර මෙරට නිෂ්පාදන සකස් කරන්නේ නම් මෙවැනි පාඩු මෙරටට ලබන්නට ඉඩක් නොලැබෙනු ඇත.