බලපත්‍රලාභී විශේෂිත , වානිජ බැංකු වල වාර්ෂික බලපත්‍ර ගාස්තු සංශෝධනය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් බලපත්‍රලාභී වානිජ බැංකු සහ බලපත්‍රලාභී විශේෂිත බැංකු සඳහා බලපවත්නා වාර්ෂික බලපත්‍ර ගාස්තු සංශෝධනයට පියවර ගෙන තිබේ.

වාර්තා වන ආකාරයට දැනට ශ්‍රී ලංකාවේ පවත්නා බලපත්‍රලාභී බැංකුවල වත්කම් පදනම මත මෙම ගාස්තු අය කිරීම සිදුකෙරෙන අතර එහිදී රු. බිලියන 25කට වඩා අඩු වත්කම් පදනමක් ඇති කුඩා පරිමාණයේ බලපත්‍රලාභී බැංකු සඳහා 2023 වසර වෙනුවෙන් රු. මිලියන 3.3 ක බලපත්‍ර ගාස්තුවක් අය කරනු ලැබූ අතර එය 2024 සහ 2025 වසර සඳහා එක් වර්ෂයකට රු. මිලියන 3.5 ක් බැගින් වනු ඇත.

මේ අතර රු. බිලියන 2,000 ක් ඉක්මවූ විශාල පරිමාණයේ වත්කම් පදනමක් සහිත බැංකු සඳහා රු. මිලියන 38 ක් වූ වාර්ෂික බලපත්‍ර ගාස්තුව රු. මිලියන 40 ක් දක්වා ඉහළ නංවා තිබේ.

එක් එක් වත්කම් පදනම් කාණ්ඩ යටතේ 2024 සහ 2025 වසර දෙක සඳහා වාර්ෂිකව බලපවත්නා බලපත්‍ර ගාස්තු සටහන පහතින් දැක්වේ. 2023 වසර සඳහා අදාළ වූ බලපත්‍ර ගාස්තු සටහන ද මෙහි සඳහන් වේ.

ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරන්නේ අදාළ ගාස්තු අදාළ වර්ෂයේ ජනවාරි 31 දින හෝ ඊට පෙර ගෙවිය යුතු බව තවදුරටත් වාර්තා වේ.

Exit mobile version