බලපත්‍ර නැති ෆාමසියකට මුද්‍රා.

වසර අටකට ආසන්න කාලයක් නිසි බලපත්‍රයක් නොමැතිව ඖෂධ අලෙවි කළ ආණමඩුව නගරයේ ප්‍රසිද්ධ ෆාමසියකට මුද්‍රා තබා එහි තිබු ලක්ෂ පහකට ආසන්න ඖෂධ තොගයක් සිය බාරයට ගත් බවට ජාතික ඖෂධ නියාමන අධිකාරීය අද (28 )පැවසූ බව වාර්තා වේ.

මෙසේ මුද්‍රා තබා අදාල ඖෂධ තොගය අත් අඩංගුවට ගැණුනේ ආණමඩුව මූලික රෝහල ආසන්නයේ පිහිටි ෆාමසියකටය.

මෙම ස්ථානය කලින් අදාල ඖෂධ අලෙවි කිරීම හා ගබඩා කිරීම සදහා බලපත්‍ර ලබා ගෙන තිබු නමුත් වසර අටකට ආසන්න කාලයක් එම ස්ථානයේ හිමිකරුවන් විසින් බලපත්‍ර ලබා ගැනිම පැහැර හැර තිබු බවට ජාතික ඖෂධ නියාමන අධිකාරීය පවසයි.

Exit mobile version