බලපිටිය මූලික රෝහලේ ඖෂධ විනාශයි.

ඊයේ (21) දින බලපිටිය මූලික රෝහලේ ඖෂධ ගබඩාවේ ඇතිවූ ගින්න හේතුවෙන් එහි ශීතකරණයේ තිබු ඖෂධ වලට දැඩි හානි සිදුව ඇති බව වාර්තා වේ.

ගින්න හටගෙන ඇත්තේ විදුලි කාන්දුවකින් බවයි වාර්තා වන්නේ.

අම්බලන්ගොඩ පොලිසිය සිදුවීම සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කොට ඇති අතර ගින්නෙන් ඖෂධවලට හා අනෙකුත් භාණ්ඩ සදහා  සිදුව ඇති හානිය මෙතෙක් ගණනය කර නොමැති බව සදහන් වේ.

Exit mobile version