අප මීට දින දෙකකට පෙර “ රුසියාවෙන් තෙල් නොගැනීම” පිලිබඳව වාර්තා කළා. එසේම අද වන විට ප්‍රධාන පුවත් පත් ගනනාවක්ම මේ පිලිබඳව විමර්ශනාත්ම මෙන්ම ගවේෂනාත්මකව වාර්තා කර තිබේ.
ඊයේ උදෑසන මාධ්‍යවේදියෙකු ඉදිරිපත් කල ප්‍රශ්නයකට අමාත්‍යවරයා ලබා දී තිබෙන පිළිතුරට අනුව රුසියාවෙන් තෙල් ලබා දීම ප්‍රතික්ෂේප කල බව ප්‍රකාශ කරන ලදී.
නමුත් එම පිළිතුරට ප්‍රතිචාර දක්වන රුසියානු තානාධිපති කාර්යාලය නිවෙදනය කරන්නේ එවැනි විමසීමක්වත් සිදු කර නොමැති බවයි.
මේ පිලිබදව සමාජ මාධ්‍යවල අපූරු සටහනක සංසරණය වේ. අප ලිවිය යුතු දේ එම නිර්මාණය කල නම් නොදන්නා පුද්ගලයා එය අපූරුවට ගලපා තිබේ.
උපුටා ගැනීම සමාජ මාධ්‍ය
“*රටේ තියෙන්නෙ බලශක්ති අර්බුදයක් ද එසේත් නොමැති නම් කොමිස් අර්බුදයක් ද*
පවතින මිලට වඩා $35 අඩුවෙන් රුසියාව තෙල් ලබා ලබාදීමට එකග වෙලා බොහෝ කලක් ඒත් දැන් ඉන්න හොර ඇමතියත් කියනවා රුසියාව තෙල් ලබා දෙන්න එකඟ වෙලා නෑ කියලා රුසියානු තානාපති කාර්යාලය සමඟ කතා කරා කියලා
රුසියානු තානාපති කාර්යාලය කියනවා කතා කරේ නෑ කියලා
ඇත්තටම අපිට දැන් පිළිගන්න වෙනවා රුසියානු තානාපති කාර්යාලය කියන දේ ඇත්ත කියල මොකද හේතුව රටේ දේශපාලකයින් බොහෝ වෙලාවට කියන්නේ බොරුනෙ
ජරාව හොරකම සංසාරගත පුරුද්ද කරගත්ත මේ තක්කඩි ඇමතිවරු මේ අන්දවන්න හදන්නෙ කාවද අඩු ගානෙ තාත්තට වෙච්ච සිදුවීමෙන් වත් පාඩමක් ඉගෙන ගත්තු නැති නොට්ටිගෙ පුතෙක් වගේ තමයි කාන්චන
හොර තෙල් ඇමතියා එහෙම කියද්දි බොරතෙල් ටොන් අනූදාහක් රැගත් නෞකාවක් දැන් සති ගාණක් තිස්සේ කොළඹ වරායෙන් පිටත නැංගුරම් දාලා තියෙනවා
මේකට ප්‍රධාන හේතුව රජයන් රජයන් අතර කොමිස් නැති නිසා ඒක පාඩු වෙයි කියලා බයට රට විකුණමින් උගස් කරමින් තාමත් ඉන්නව මුන් තාමත් පාඩමක් ඉගෙනගෙන නෑ වගේ කාලකන්නි දේශපාලුවෝ “
*නොට්ටිගෙ පුතා*
ලෙස එම සමාජ මාධ්‍ය තුල සංසරණය වන එම පණිවිඩයේ සදහන්ව තිබේ. ජනතාව මෝඩයන් සේ තව දුරටත් සිතන්නේ නම් එය පාලකයන්ගේ දුර්වලකමකි.