බසයක ගැටී අවසන් ගමන් ගිය ගැබිණි ගුරුවරිය

ඊයේ (08) දහවල් 2.30ට පමණ රාජකාරි අවසන් කර සැමියා සමඟ නිවෙස බලා යමින් සිටි ගැබිණි ගුරුවරියක් ඔවුන් ගමන් කළ යතුරු පැදිය අනතුරට පත් වීමෙන් ගැබිණි ගුරුවරිය මියගොස් ඇයගේ 23 හැවිරිදි සැමියා බරපතල තුවාල ලබා රෝහල්ගත කර ඇත.

මෙම අනතුර සිදුව ඇත්තේ මැදවච්චිය සිට පැමිණි ලංගම බස් රථයක යතුරුපැදිය මුහුණට මුහුණ ගැටීම හේතුවෙනි.

මියගිය කාන්තාව කහටගස්දිගිලිය කිරිඉබ්බැව ප්‍රදේශයේ පදිංචි කාරිනියක් වන අතර කහටගස්දිගිලිය මුස්ලිම් මහා විද්‍යාලයේ ගුරුවරියකි.

එසේම බරපතළ තුවාල ලබා සිටි මියගිය කාන්තාවගේ සැමියා කහටගස්දිගිලිය රෝහලට ඇතුළු කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා මේ විට අනුරාධපුර ශික්ෂණ රෝහලට මාරුකර යවා ඇත.

මේ සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර ඇති බව වාර්තා වේ.

Exit mobile version