කොළඹ බදුල්ල ප්රධාන මාර්ගයේ බළංගොඩ අලුත්නුවර ප්රදේශයේදී ලංගම බසයකින් ඇඳ වැටි අද (12) කාන්තාවක මියගොස් ඇතැයි බළංගොඩ පොලිසිය පවසයි.
ගැමුණු පුර, පොලොන්නරුව ,ලිපිනයේ පදිංචිව සිටි එමි. පොඩිමැණිකේ නැමති හැත්තෑ දෙක හැවිරිදි කාන්තාවක මෙලෙස මියගොස් ඇතැයි පොලිසිය පවසා තිබේ.
පානදුර සිට මහියංගනය දක්වා ධාවනය වෙමින් තිබු මගි ප්රවාහන ශ්රී ලංගම බස් රථයකින් ඇය ඇඳ වැටි ඇති අතර බළංගොඩ මුලික රෝහලට ඇතුලත් කිරන විටත් ඇය මියගොස් සිටි බව සදහන්.
ඇය බළංගොඩ මාමල්ගහ ප්රදේශයේ තිබු ඥාති අවමඟුල් උත්සවයකට පැමිණ ආපසු පොලොන්නරුව ප්රදේශයට යෑම සදහා මෙලෙස පානදුර මහියංගනය බස් රථයට ගොඩ විමෙන් පසු මෙම අනතුර සිදුව තිබේ.