ශ්‍රී ලංකාවේ ප්‍රධාන විහාර සහ දේවාල විශාල ප්‍රමානයක වංචා දූෂණ සහ අක්‍රමිකතා සිදුවෙමින් නින්දගම් වැසියන්ගේ ජීවිත අපායන් බවට පත් කර තිබේ. බස්නායක නිලමේවරුන් කිහිපදෙනෙකු දේවාල ගම් වැසියන්ගේ බිරින්දෑවරු පවා බලෙන් අල්ලාගෙන තිබෙන බවට තොරතුරු අප සතුව තිබේ. විශේෂයෙන්ම පිරිමියා ගෙදර සිටියදීම සමහර බස්නායක නිලමේවරු කාන්තාවන් අල්ලා ගන්නේ දේවාල ඉඩමෙන් එලවන බවට තර්ජනයන් කරමිනි.
සිංහල යයි පුරසාරම් දොඩවන ශ්‍රී ලාංකික බෞද්ධ සිංහලයාගේ මහන්තත්ත කම හමුවේ සහ නිවටකම් හේතුවෙන් බොදු දහමට අයත් පැරණි බොහෝ දේ විනාශවෙමින් පවතී. බස්නායක නිලමේවරුන් සිටින සමහර දේවාල වලද තත්වයන් සෑම අතකින්ම දරුණු වන අතර සමහර දේවාල වල බස්නායක නිලමේවරුන් වන්නේ කිසිදා දේවාල වලට තියා පන්සලකටවත් පය නොගැසූ අය බව හැසිරීමෙන්ම ද්දක්නට තිබේ. මේ වනවිට ශ්‍රී ලංකාවේ ප්‍රධාන දේවාල කිහිපයක නිලමේවරුන් වී සිටින්නේ රියදුරන්ය. තවත් ප්‍රධාන නිලමේ කෙනෙකුද හිටපු බස්නායක නිලමේවරයෙකුගේ රියදුරෙකි. තවත් ප්‍රධාන නිලමේ කෙනෙකු වෙනත් මිනිහෙකුගේ බිරිදක් අරගෙන එන්නේ ජයටම මගුල් සමරමිනි. තවත් නිලමේවරු කිහිපදෙනෙකුම රියදුරන් වන අතර බස්නායක නිලමේවරු යනු සමාජයට වැදගත් පුරවැසියන් වන අතර ගෞතම බුදුන් වහන්සේගේ ප්‍රධාන උපාසකයන්ය. වෙනත් මිනිසුන්ගේ ගෑනු රැගෙන ඒමද පුද්ගලික ජීවිතයේ ගැටළුවක් නිසා එය ප්‍රධාන කොට සැලකීම අවශ්‍ය නැත. නමුත් තම මවුගේ දෙවෙනි කසාදෙන් බිහි උණු දියණියක් සමග යහන් ගත වූ නිලමේලාද සිටිති. මේ අතර ඇත් දල ඇතුළු මහාපරිමාණ නඩු පවා ඇති නිලමේලාද සිටිති. ඒ අතර තවත් නිලමේවරයෙකු තමන්ගේ සබදකම් භාවිතා කරමින් තමන්ට විරුද්දව ඇති පැමිණිලි සහ නඩු ඉවත් කරගනිමින් සිටිති.
දේවාල වල සිටි අලි හොරකම් කල, වනයේ සිටි අලි පැටව් හොරෙන් ගෙනත් වතුරේ දමා මරා දැමු, එකම ඉඩම දෙතුන් දෙනාට විකුණා වැසියන් වැසියන් අතර ආරවුල් ඇති කරවමින් නඩු වලට පටලවා මොකුත් නොවුණා සේ නිලමේවරුන් සිටිති. මේවා පැමිණිලි ලෙස බෞද්ධ කටයුතු අධ්යක්ෂකජනරාල්ට ලිඛිතව යැවූ විට ඔහුගේ හැසිරීමද ගැඩවිලෙකු සේය. ජනතා ප්‍රශ්න විසදීමට සිටින විනිශ්යකරු වන බෞද්ධ කටයුතු අධ්‍යක්ෂක ජනරාල් රූකඩයක් බව ජනතාව ඇප වෙත ලබා දී තිබෙන වීඩියෝ වල සදහන් වේ.
මේ සියලු ප්‍රශ්න හමුවේ තවත් එක්තරා දේවාලයක නිලමේවරකුට අවස්තා කිහිපයකම අසූචි ගසා තිබේ.ඊට අමතරව බොහෝ දේවාල වල මොහොට්ටාලවරුද, පරිපාලනය කරන්නා වූ පුද්ගලයන්ද දේවාල ඉඩම්වල ජීවත් වන පුද්ගලයනට විවිධ කරදර සිදු කරති. නමුත් ඒවාට පිළිතුරක් නැත.
ඒ අතරේ බස්නායක නිලමේවරුන්ගේ සංගමයද විවිධ ආරවුල් වලින් පිරී තිබේ. සැබවින්ම ජනතාවට සහ දෙවියන් යැදීම තම දිවි දෙවෙනි කොට සලකන බස්නායක නිලමේවරුන් එක් පැත්තකද, හොරු ලෙස සමාජය පිළිගත් නිලමේවරුන් අතලොස්සක් එක් පැත්තකය. ඒ අතරේ මේ කණ්ඩායම් දෙකටම කේලාම් කියන තවත් කිහිපදෙනෙකු ද සිටිති. කෙසේ වුවද හොරුන්ට එරෙහි කණ්ඩායම ප්රබලව සිටින අතර ප්‍රධාන නිලමේවරයෙකු ඇතුළු ඉතාම කුඩා කණ්ඩායමක් මේ හොරුන්ගේ කණ්ඩායමට ඇතුලත්ය. ඉතාම හොද බස්නායක නිලමේවරු සිටින බවද අවධාරණයෙන් සටහන් කල යුතුය.
ජනධිපතිතුමා නොමග යවමින් කරුණු දක්වා සහ නිල බලයෙන් පත් නොවුණු බස්නායක නිලමේවරයෙකු කූට ලෙස ලේකම් ලෙස පෙනී සිටිමින් ජනාධිපතිවරයාට ලිපි ඉදිරිපත් කර තිබෙන අතර බෞද්ධ කටයුතු අධ්‍යක්ෂකද දැන දැනම මේ ලිපි ජනාධිපතිට යොමු කර තිබේ. විකිනිය නොහැකි ඉඩම් විකිණීම සදහා වෙනස් කල නොහැකි ලේඛන පවා කූට ලෙස සකසා විකුණා ඇත. මොවුන් කොයිතරම් හොදට හොරකම් කරන්නේද යත්, විකිණිය නොහැකි ඉඩම් විකිණීම සදහා රාජකාරිය ලෙස ස්ථාවර තැන්පත් සදහා මුදල් යොදවා එයින් ලැබෙන පොලිය රාජකාරියට හිලව් කර තිබේ. එසේ කර ඉඩම් සින්නක්කර විකුණා දමා තිබේ. නමුත් එසේ කිරීමට නීතිමය වශයෙන් කිසිදු හැකියාවක් නැති අතර නීතියට අනුව වංචාව සහ කූට ලේඛන පෙනෙන්නටම තිබේ. ඒවා සදහා උපකාර ලෙස නීතිවේදීන්ද අත්සන් තබා තිබේ. ඒ එම නීතිවේදීන්ගේ කළු කෝට් එක ගැලවෙන වැඩක් බවද දැන දැනම ලැබෙන මුදල් කෑදරකමටය.
බොහෝ දේවාල වල විනාශය ලියවෙමින් පවතී. ඉර හද පවතින තාක් කල් ජනතාව වෙනුවෙන් දේව ආශිර්වාදය ලබා ගැනීමට පැරණි රජවරු පූජාකළ ඉඩම් දේවාල වලට අහිමි වී ඇති අතර බොහෝ ජනතාව දේවාල වලින් දුරස් වෙමින් පවතී. සමහර ප්‍රධාන දේවාල පවත්වාගෙන යාමට නොහැකිව තිබේ. දෙවියන් හෝ තමන් අදහන ආගමට ලබ්දියක් ඇති මිනිසුන්ගෙන් කිසි දා රටට බරක් නැත. එහෙත් දේවාල ඉඩම් විකුණමින්, ඒවායේ මැණික් හොරකම් කරන, ඒවායෙහි තිබෙන දේව ආභරණ හොරකම් කරන දේවාල පාලකයන් නිසා වන්දනීය මිනිසුන් ශ්‍රී ලංකාවට අහිමි වෙමින් තිබේ. විවිධ හිමිවරුන්ගේ ගැටළු නිසා සැලකිය යුතු බෞද්ධයන් පිරිසක් පන්සල් වලට ද නොයති. එයින් රටට හෝ ජනතාවට හෝ රටේ පාලකයන්ට සෙතක් ලැබෙන්නේ නැත. එහෙත් විනාශකරුවන්ට අදහන ආගමක් හෝ අදහන දෙවියන් කෙනෙක් නැති නිසා හෝ නූගත් නිසා ඔවුන්ට බුදුන්ගෙන් හෝ දෙවියන්ගෙන් වැඩක් නැත. රටට හෝ මිනිසුන්ට කුමක් වුවත් ඔවුන්ට වැඩක් නැත.
එහෙව් රටක නොහොත් නීතිය වෙනුවට තම කෲර අභිමතයන් ක්‍රියාත්මක කරන, නිලදාරීන් සහ බලදාරීන් එකම මාෆියා කල්ලි ලෙස එකට එක්ව රටට එරෙහිව වැඩ කරන විට පීඩාවට පත්වන ජනතාව අවස්තාව ලැබුණු විට නීතිය සියතට ගනු ඇත. ඔවුන් මේ දේශයෙන් පිට සිටියද ලැබෙන ප්‍රතිපලය දරුණු වනු ඇත. විනාශයට එරෙහිව මිනිසුන් පෙළ ගැසෙන විට තාක්ෂනය ඔවුන්ගේ පිහිටට පැමිණෙමින් තිබේ.
ඉදිරි පුවත්
නිලමේවරුන්ගේ හොද වැඩ සහ නරක වැඩ.
බස්නායක නිලමේවරුන්ගේ සංගමයේ ලිපි ශීර්ෂය සහ ලිඛිත ආරවුල්.