කතරගම ඇසළ මංගල්‍යයට සමගාමීව පවත්වන ගිනි පැගිිමේ උළෙල සදහා යොදා ගන්නා ස්ථානය වෙනස් විිම සම්බන්ධයෙන් වු ගැටලුවක් මත කපුමහතකු හා බස්නායක නිළමේ ඩිෂාන් ගුණසේකර මහතා අතර බහින් බස් විමක් (30) වැනි දින සිදුවිය .
කතරගම ශ්‍රී අභිණවාරාම විහාරස්ථානය ඉදිරිපිට මහා විිදියේ මෙම ගිනි පැගිිමේ සැම වසරකදී ම සිදුවිය .
පසුගිය වසරේ දි මෙම ස්ථානය වෙනස් කර වල්ලි අම්මා දේවාලය ආසන්නයට රැගෙන යන ලදී .
මෙම වසරේදි අතිිතයේ ගිනි පැගු ස්ථානයේ ගිනි පැගිිම සිදු කරන ලෙස කපුමහතුන් නිළමේ ඩිෂාන් ගුණසේකර මහතා ගෙන් ඉල්ලා තිබේ .
මෙම පැරණි ස්ථාන අභියස අභිණවාරාම විහරස්ථානය ට අයත් අලුතින් ඉදි කරන ලද දුටු ගැමුණු සැය පවතින බැවින් එම ස්ථානය අසල ගිනි මැළය ගැසිමෙන් චෛත්‍යය ට ගිනි රස්නය වැදි හානි වන බැවින් එම ස්ථානය වෙනස් කරන ලෙස අභිණවාරාම විහාරධිපති ශ්රාස්ත්රපති කපුගම සරණ තිස්සහිමි යන් ඉල්ලා සිටි අතර පසුව කතරගම දේවාලයේ පෙරහැර බලන රාල සරත් සේපාල රත්නායක මහතා විසින් ගිනි පැගිිමේ පැරණිම ස්ථානයේ ම ගිනි මැලය ගසන ලෙස ගිනි පැගිිම බාර ව සිටි අයට නියෝග කරන ලදී .
මෙම අවස්ථාවේ දි බස්නායක නිළමේ ඩිෂාන් ගුණසේකර මහතා සහ කපුමහතා අතර බහින් බස්විමක් සිදු වු අතර කපුමහතා සහ ඔහුගේ පිරිසක් හු කියමින් ගැටුමකට යන ලදී
පසුව බස්නායක නිළමේ වරයා ගේආරක්ෂකයින් බස්නායක නිළමේ වරයා ආරක්ෂාකාරිව රැගෙන ගිය අතර පොලීසිය මැදහත් විි සිදුවිම වලකාලීමට ක්‍රියා කරන ලදි
මෙම අවස්ථාවේ මෙම ස්ථානය වෙත වැඩ සිටි අභිණවාරාම විහාරධිපති ශ්රාස්ත්රපති කපුගම සරණ තිස්සහිමි වෙත ද කපුමහතා චෝදනා කරමින් බැන වදිමින් පැරණි සම්ප්රදාය වෙනස් නොකරන ලෙස ඉල්ලා සිටිය.
කෙසේ නමුත් මේ දෙපාර්ශවය අතර දිගින් දිගටම ගැටුම් තිබේ. බෞද්ධ කටයුතු පිලිබදව රජයේ වගකිව යුතු පාර්ශ්වයන් එම පැරනි ගැටලු විසදා, බස්නායක නිලමේවරයා වරදක් කර තිබේ නම් ඔහුගේ වැඩ තහනම් කල යුතුව තිබුනේය. එය එසේ නොකිරීමේ වරද නිසා මෙම ගැටලුව දිගින් දිගටම පවතිනු ඇත.