බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා හොරුන් සමග හිටගනී.

බස්නාහිර පළාත් ආණ්ඩුකාර මෙන්ම ශ්‍රී ලංකාවේ ප්‍රථම මාෂල් ඔෆ් ද එයාර් ෆොර්ස් නිලය දරන රොෂාන් ගුණතිලක මහතා ආණ්ඩුකාරවරයා ලෙස තම බලය ක්‍රියාත්මක කිරීමට අසමත්ව තිබේ.

කොළඹ මහනගර සභාවේ සිදුව තිබෙන රුපියල් බිලියන ගනනක වංචා මෙන්ම දූෂණ අප මෙන්ම වෙනත් මාධ්‍ය ආයතනද සාක්ෂි සහිතවම අනාවරණය කරන ලදී. මේ වංචා දූෂණ මෙන්ම අක්‍රමිකතා සිදු කරන ලද නාගරික මන්ත්‍රීවරුන්ගේ නාම ලේඛනය සාක්ෂි සහිතවම අප සතුවද තිබේ. එම සාක්ෂි මෙන්ම විගණන වාර්තාවට අනුව මේ වන විටත් ඔවුන්ට විරුද්ධව නීතිමය කටයුතු සිදුකල යුත්තේ බස්නාහිර පළාත් ආණ්ඩුකාර රොෂාන් ගුණතිලකය. එහෙත් ඔහු තවමත් මේ වෙනුවෙන් ක්‍රියාත්මක වී නැත.

මේ නාගරික මන්ත්‍රීවරු වංචා කර තිබෙන්නේ කොළඹ ජනතාව මහනගර සභාවට ගෙවන බදු මුදල්ය. එහෙත් එම හොරුන් සමග හිටගැනීම සිදු කරන බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයාද තවමත් යැපෙන්නේ මහජන මුදල් වලිනි. ඔහුගේ නඩත්තුව වෙනුවෙන් ලබා දී තිබෙන ගුවන් හමුදා නිලධාරීන් මෙන්ම වාහනද මෙරට බදු ගෙවන ජනතාවගේය.  ඔහු ආණ්ඩුකාරවරයා ලෙස මෙන්ම හිටපු ඉහලම හමුදා නිලධාරියෙකු ලෙස විශේෂ ආරක්ෂාවක් ද ලබා දී තිබේ. එසේම මිය යන තුරාම නිල ඇදුම ඇදීමට හැකි එකම විශ්‍රාමික ගුවන් හමුදාපති වන්නේද ඔහුය. මිය ගිය පසු විශේෂ හමුදා අචාර, සමාචාර ලබා දෙන්නේද ඔහු රට වෙනුවෙන් කල සේවය සලකාය. ඔහුගේ සියලුම වියදම් දරන්නේ මෙරට බදු ගෙවන ජනතාව විනා වර්තමාන ගුවන් හමුදාධිපති සුදර්ශන පතිරණගේ හෝ, හිටපු ගුවන් හමුදාධිපතිවරුන් වන සුමංගල ඩයස්ගේ , කපිල ජයම්පතිගේ පුද්ගලික බූදලයකින් නොවේ.  

ඒ කෙසේ වුවත්  දැන් ආණ්ඩුකාරවරයා ලෙස ඔහු කටයුතු කරන්නේ ජනාධිපති නියෝජනය කරමිනි. වංචනික බදු මුදල් බිලියන් ගනනින් වුවත් ඒවා සිදුකල පුද්ගලයන් රැකීමට කටයුතු කිරීමෙන් තව දුරටත් අපහසුතාවයට ලක්වන්නේ මෙරට ජනාධිපති වේ. තිබෙන ප්‍රශ්න විසදා වැරදි කරුවන්ට දඩුවම් ලබා නොදී, වැරදුන තැන ඉදන් නැවත පටන් ගමු යයි සිතන්නේ නම් එයින් සිදුකරන්නේ තව දුරටත් ඔවුන්ගේ වංචා දූෂණ වලට ඉඩ හැරීම පමණි.

එබැවින් තව තවත් වංචා දූෂණවලට ඉඩහරිමින් අවශ්‍ය නීතිමය කටයුතු සිදු නොකරන්නේ නම් , අපට ඉදිරියේදී ලියන්නට වන්නේ “හමුදා නිලධාරීන්ට රාජ්‍ය  පරිපාලනය හෝ නීතිය පිලිබඳව දැනුමක් නෑ” ලෙසිනි

හසිත සමරජීව කොළඹ දිස්ත්‍රික් වාර්තා කරු

https://www.ravanalankanews.lk/11546/05/%e0%b7%84%e0%b6%af%e0%b7%92%e0%b7%83%e0%b7%92-%e0%b6%b1%e0%b7%93%e0%b6%ad%e0%b7%92%e0%b6%ba-%e0%b6%85%e0%b7%83%e0%b7%8a%e0%b7%83%e0%b7%9a-%e0%b6%86%e0%b6%bb%e0%b6%9a%e0%b7%8a%e0%b7%82%e0%b6%9a/23/11/

Exit mobile version