බස්නාහිර පළාත් ආණ්ඩුකාර තැන කෝටි 11 ක් ගිලළා. ගුවන් හමුදාධිපතිත් මග හැරලා.

“ සැමන් කම්හල හදන්නත් කලින් කෝටි 5 ක මැෂින් ගෙනත්”

 “ඇරඹුණු නැති ව්‍යාපෘතියට කෝටි 11 ක් වැය කරලා”

“තවත් කෝටි 4 කට අනුමැතිය”

ඕනෑම ආයතනයක මුදල් පිලිබදව වගකිව යුත්තේ  එහි ප්‍රධානියාය. ප්‍රධානියා මහජන මුදල් නිසි ලෙස පාලනය නොකරන්නේ නම් එයටද වගකිව යුත්තේ ඔහුය. පළාත් සභා වල මුදල් පිලිබදව වගකිව යුත්තේ ආණ්ඩුකාරවරුන්ය. ඒවා නාස්තිකිරිමට ඔවුන්ට කිසිදු නීතිමය අයිතියක් නැති අතර එම සියලුම මුදල් වැය කල යුත්තේ මුදල් රෙගුලාශි වලට අනුව මෙන්ම ව්‍යාපෘති ආරම්භ කිරිම සහ පවත්වාගෙන යා යුත්තේ 2006 අංක 49 ප්‍රසම්පාධන මාර්ගෝපදේශ සංග්‍රහයට අනුවය. මේ සියල්ලටම පයින් ගැසූ බස්නාහිර පළාත් ආණ්ඩුකාර තැන විසින් රුපියල් කෝටි 11 ක් ගිල දැමු පුවතක් අරුණ පුවත්පත වාර්තා කර තිබේ.

ඔවුන් වාර්තා කර තිබෙන ආකාරයට පුවත මෙසේය. “ සැමන් කම්හල හදන්නත් කලින් කෝටි 5 ක මැෂින් ගෙනත්, ඇරඹුණු නැති ව්‍යාපෘතියට කෝටි 11 ක් වැය කරලා. තවත් කෝටි 4 කට අනුමැතිය” බස්නාහිර පළාත් සභාව මගින් ආරම්භ කිරීමට නියමිත මිනුවන්ගොඩ ප්‍රදේශයේ ටින්මාළු නිෂ්පාධනාගාරය සදහා ගොඩනැගිලි ඉදිකිරීමටත්  පෙර රුපියල් කෝටි ගණනක් වටිනා යන්ත්‍ර මිලදී ගෙන ඇතැයි අනාවරණය වේ.

රුපියල් කෝටි පහක් පමණ වැයකර මෙම යන්ත්‍ර සූත්‍ර මිලදී ගැනීමෙන් පසුව ඒ සඳහා ගොඩනැගිල්ල ඉදිකරන තුරු වසර හතරකට ආසන්න කාලයක් බලා සිටිමට සිදු වී ඇත.

මෙම යන්ත්‍ර ගෙන ඒමෙන් පසු ගුවන් හමුදාව යොදවා නිෂ්පාදනාගාරය ඉදිකිරීමට කටයුතු යෙදුවත් ගුවන් හමුදාව වැඩ අවසන් නොකළ නිසා පළාත් මාර්ග සංවර්ධන අධිකාරිය වෙත ඉතිරි කටයුතු භාර දී තිබුණි.

මේ වන විට නිෂ්පාදන කටයුතු ආර්ම්භව නැති මෙම ව්‍යාපෘතිය සඳහා වසට 4 කට ආසන්න කාලයක් තුල රුපියල් කෝටි 11 ක් වැයකර ඇතැයි රජයේ ජේෂ්ඨ නිලධාරියෙක් හෙළි කළේය. මෙම සතියේදී බස්නාහිර පළාත් ආණ්ඩුකාර කාර්යාලය මගින් මෙම ව්‍යාපෘතිය ඉදිකිරිම සදහා තවත් රුපියල හාර කෝටියකට අධික මුදලක් අනුමත කර තිබේ. ලෙස ඔවුන් වාර්තා කර තිබේ.

එසේම බස්නාහිර පළාත් සභාවට අයත් ආයතනවල වංචා දූෂණ විශාල ලෙස සිදුවන් බවඩ් අපට වාර්තා වේ. අපද මීට පෙර එවැනි සිද්ධින් කිහිපයක්ම අනාවරණය කරන ලදී. අප අනාවරණය කිරීමට පෙර එම සිද්ධීන් ආණ්ඩුකාරවරයාට පැමිණිලිකර තිබුනත් ඔහු ඒවා වෙනුවෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොතිබුණි. මෙම සිද්ධිය අනුව පෙනී යන්නේ එම සිද්ධීන්ද සිදුවන්නේ ආණ්ඩුකාරවරයාගේ අනුදැනුම මත බවය. ඔහු ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ හමුදාධිපතිව සිටින සමයේ සිදු වූ විශාලතම දූෂනය වන්නේ MIG ගනුදෙනුවය. එයට අදාළ ලියකියවිලි අතුරුදහන් කර තිබෙන බව වාර්තා වන්නේ එම කාලයෙදීමය. එම ලියකියවිලි නොමැතිවීම නිසා ඔහුට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නොහැකිව තිබෙන බවද නොරහසකි. මින් පෙන්නුම් කරනුයේ ඔවුන්ගේ සියලුම ක්‍රියාවල් සිදුවන්නේ දූෂණයට මුල් තැන දෙමින් බවය. රටේ මිනිසුන් දහසක් ප්‍රශ්නවලින් මිරිකෙමින්, බදු ගෙවමින් ජිවිතයත් මරණයත් අතර කටයුතු කරමින් සිටියත් මේ දූෂිත රාජ්‍ය නිලධාරීන්ට ඒවා වැඩක් නැති බවය.

රනිල් වික්‍රමසිංහ මහතා මේ රට ගොඩනැගීමට දැඩි වෙහෙසක් ගන්නා බව නොරහසකි. දේශපාලන දෑසින් නොබලන තාක් මේ සත්‍ය මිත්‍යාවක් ලෙස පවතිනු ඇත. කෙසේ වුවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට හෝ වෙනත් ජනාධිපතිවරයෙකුට හෝ මෙරට ගොඩ ගන්නට නම් ප්‍රථමව කල යුත්තේ රාජ්‍ය සේවයට අයත්වන සියලුම නිලධාරීන්ට දූෂණ මෙන්ම වංචා සිදුකල නොහැකි ලෙස අනපනත් නැවත සැකසීමය.

මීට පෙර පුවත්

https://www.ravanalankanews.lk/%e0%b6%b6%e0%b7%83%e0%b7%8a%e0%b6%b1%e0%b7%8f%e0%b7%84%e0%b7%92%e0%b6%bb-%e0%b6%b4%e0%b7%85%e0%b7%8f%e0%b6%ad%e0%b7%8a-%e0%b6%86%e0%b6%ab%e0%b7%8a%e0%b6%a9%e0%b7%94%e0%b6%9a%e0%b7%8f%e0%b6%bb%e0%b7%80/

https://www.ravanalankanews.lk/%e0%b7%84%e0%b7%9c%e0%b6%bb%e0%b7%94%e0%b6%b1%e0%b7%8a-%e0%b6%85%e0%b6%ad%e0%b6%bb-%e0%b6%bb%e0%b7%9d%e0%b7%83%e0%b7%92%e0%b6%ad%e0%b7%8a-%e0%b6%b4%e0%b6%a7%e0%b7%8a%e0%b6%a7-%e0%b7%84%e0%b7%99/

Exit mobile version