බස්නාහිර පළාත් තුළ අපරාධ නිවාරණ හා දූෂණ වැටලීම් සම්බන්ධ විශේෂ මෙහෙයුමක්

ඊයේ (10) පෙරවරු 8.00 සිට පස්වරු 4.00 දක්වා කාලය තුළ දී බස්නාහිර පළාත ආවරණය වන පරිදි අපරාධ නිවාරණ හා දූෂණ වැටලීම් සම්බන්ධයෙන් විශේෂ මෙහෙයුමක් සිදුකර ඇත.

එම මෙහෙයුමට අනුව සැකකරුවන් 816 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් අතර විවිධ අපරාධවලට සම්බන්ධ පුද්ගලයින් 17ක්, අධිකරණය මගහරිමින් සිටි වරෙන්තුකරුවන් 49ක් සහ මත්ද්‍රව්‍ය සම්බන්ධ පුද්ගලයින් 665 දෙනෙකු වන බවයි බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය සඳහන් කළේ.

Exit mobile version