බස්නාහිර පළාත් පාසල් වාර විභාග නියමිත පරිදි පැවැත්වේ.

කඩදාසි හිඟය හේතුවෙන් කදැමීමට සැලසුම් කර තිබු බස්නාහිර පළාත් පාසල්වල 9,10 සහ 11 ශ්‍රේණිවල වාර විභාග කටයුතු සාමාන්‍ය පරිදි පැවැත්වීමට පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

බස්නාහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ ශ්‍රී ලාල් නෝනිස් මහතා පැවසුවේ, ප්‍රශ්න පත්‍ර මුද්‍රණය කිරීම සඳහා අවශ්‍ය කඩදාසි සපයා ගැනීමට මේ වන හැකිවී ඇති බවය.

ඒ අනුව බස්නාහිර පළාතේ සියලු පාසල්වල 9,10 සහ 11 ශ්‍රේණිවල සිසුන්ගේ චාර විභාග නියමිත කාලසටහනට අනුව මාර්තු 29 දින සිට ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.

ඊට අමතරව 6,7 සහ 8 ශ්‍රේණිවල සිසුන්ගේ වාර විභාග කටයුතු ද අද (21) දිනයේ සිට සාමාන්‍ය පරිදි සිදුකෙරෙන බව අධ්‍යාපන අධ්‍යක්ෂ ශ්‍රී ලාල් නොනිස් මහතා සඳහන් කරයි..

Exit mobile version