ඊයේ (15) දින පාසැල් සිසුවකු බස්රථයකින් වැටී මිය ගිය පුවතක් නාවලපිටිය ප්රදේශයෙන් වාර්තා වේ.
නාවලපිටිය නගරයේසිට උපකාරක පන්තියක් අවසානයේ නිවසබලා නැවත පැමිණෙමින් සිටියදී බස්රථයෙන් බැසීමට ගිය අවස්ථාවේ මෙම අනතුර සිදුව එම දරුවා එම ස්ථානයේම මිය ගිය බවයි වාර්තා වන්නේ.
බසයෙන් වැටී මාර්ගයේ තිබු පස් ගොඩක හිස වැදීමෙන් හිසට බරපතල තුවාල සිදුව අනතුර සිදුවූ බවත් එදින සවස 07 ට පමණ මෙම සිදුවීම සිදු වූ බවත් වාර්තා වේ. .
මියගිය සිසුවා නාවලපිටිය අනුරුද්ධ කුමාර ජාතික පාසලේ දහ වන වසරේ ඉගනුම ලබමින් සිටි හසිත දේවිද නැමති 15 හැවිරිදි සිසුවෙකි.
ඔහු නාවලපිටිය උඩහින්තැන්න ප්රදේශයේ පදිංචි සිටි සිසුවෙකි
බසයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර මියගිය සිසුවාගේ සිරුර නාවලපිටිය දිස්ත්රික් මහ රෝහලේ තැන්පත් කොට තිබේ.