බස් එකේදී කාන්තාවන්ට හිංසන කරන්නන් අල්ලන්න අලුත් මෙවලමක්.

කාන්තාවන්ට සහ ගැහැණු ළමුන්ට බස් රථවල සිදුවන හිංසන මෙන්ම වෙනත් වංචාකාරී ක්‍රියාවන් වළක්වා ගැනීමේ අරමුණින් බස් රථ සඳහා නව තාක්ෂණික මෙවලමක් ස්ථාපනය කරන බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ .

ඒ අනුව බස් රථ තුළ ස්ථාපනය කරන වෝකිටෝකි මාදිලියේ උපකරණයක් හරහා අදාළ අවස්ථාවේ දීම එම අතවරය සම්බන්ධයෙන් දැනුවත් කළ හැකි අතර එලෙස දැනුම් දෙන විද්‍යුත් පැමිණිල්ල එම අවස්ථාවේම බස් රථයේ හිමිකරු, මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියට සහ ළඟම ඇති පොලිස් ස්ථානයට වාර්තා කරන බව ද ඔහු සඳහන් කරන ලදී .

එමෙන්ම අදාළ මෙවලම GPS තාක්ෂණය හරහා සම්බන්ධ කර ඇති බැවින් නීතිය ක්‍රියාත්මක කරන අංශවලට අදාළ බස් රථය ලුහු බැඳ හිංසන කරන තැනැත්තා අත්අඩංගුවට ගැනීමේ හැකියාව තිබෙන බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කරන ලදී .

Exit mobile version