ඉන්ධන මිල අඩු වූවත් බස් ගාස්තු සංශෝධනයක් සිදු නොවන බවට සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසයි.
ඔහු පවසන්නේ ඔටෝ ඩීසල්වල මිල අඩු වීමක් සිදු නොවීම එයට හේතුව බවයි.
වැඩිදුර අදහස් දැක්වූ සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න,
“මේ දිනවල ඔටෝ ඩීසල්වල ප්‍රමිතිය පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. අවශ්‍ය ප්‍රමානයේ කිලෝමීටර ගනන ධාවනය වෙන්නේ නෑ.මේ සම්බන්ධයෙන් අප දිගින් දිගටම ඛනිජතෙල් නීතිගත සංස්ථාව දැනුවත් කළා. නමුත් ප්‍රමිතිය පිළිබඳව අපට සහතිකය් දීලා නෑ .මාස දෙකක් පුරා තවමත් රුපියල් 27ක පාඩුවකට තමයි අපි බස් ධාවනය කරන්නේ “