අද (11) පස්වරුවෙ 4.00ට පමන මහියංගනය සිට මහනුවර බලා ධහවනය වු ලොරියක් තෙල්දෙනිය නගරයේ පිහිටි බස් නැවතුම්පොළකට කඩාවැදි තිබේ.
මෙම අනතුරින් එම බස් නැවතුම්පොළෙහි සිටි පුදගලයින් 9දෙනෙක් තුවාල ලබා තෙල්දෙනිය රෝහලට ඇතුලත් කර ඇත.
මෙම ලොරි රථය අබලි යකඩ බඩු ප්රවාහනය කරමින් සිටියදී මෙම අනතුරට මුහුණ පා ඇති අතර පොලිසිය සදහන් කළේ ලොරි රථයේ රියදුරුට නින්ද යාමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.
තුවාල ලැබු 9 දෙනාගෙන් එක් අයෙකු බරපතල තත්වයේ සිටින බවයි රොහල් ආරංචි මාර්ග පවසන්නේ.
කෙසේ නමුත් අනතුර සිදුකල ලොරි රථයේ රියදුරු හා සහයකයා තෙල්දෙනිය පොලීසිය මගින් අත් අඩංගුවට ගෙන තිබෙන අතර අනතුර සම්බන්දයෙන් තෙල්දෙනිය පොලීසිය පරික්ෂන පවත්වනු ලබයි.