අද (18) පෙරවරුවේ බස් රථ 03ක් එකිනෙක ගැටීමෙන් අනතුරුක් සිදුව ඇත.
ඒ නුගේගොඩ ගම්සභා හන්දියේ දී වන අතර අනතුරට හේතු වී ඇත්තේ අද උදෑසන 06ට පමණ කොටුව සිට ධාවනය වූ මාර්ග අංක 138 පෞද්ගලික බස් රථයක් අලෝක සංඥා නොතකා ධාවනය කරවීම හේතුවෙන් තවත් බස් රථ දෙකක ගැටී ඇති බව පොලිසිය සඳහන් කරයි.
එක් බස් රථයක රියදුරෙකු අනතුරෙන් තුවාල ලබා කළුබෝවිල රෝහලට ඇතුළත් කර ඇති අතර අනතුර සිදුකළ බස්රථ රියදුරු අත්අඩංගුවට ගැනීමට කටයුතු කර ඇත.
කෙසේ නමුත් මෙම අනතුර හේතුවෙන් හයිලෙවල් මාර්ගයේ ගම්සභා ප්රදේශයේ යම් වාහන ලදබදයක් හටගෙන ඇති අතර මේ වන විට එය ලිහිල්ව ගොස් ඇති බව ද වාර්තා වේ.