ජනශක්ති සමාගමේ සභාපති දිනේෂ් සාප්ගේ මරණය පිළිබද truth with chamuditha වැඩසටහන තුලින් මාධ්‍යවේදී කීර් ති රත්නායක මහතා සමග කතා බහක නිරතව තිබුණි.
සුප්‍රකට ව්‍යාපාරිකයෙකු වූ ජනශක්ති සමාගමේ සභාපති ඝාතනයට ලක්ව ඇත. ඔහු ඝාතනය කීරීමට හේතුව ලෙස මාධ්‍ය වේදියා විසින් හෙලිදරවූ කර සිටියේ දිනේෂ් ශාප්ට ඇති වූ මුදල් වංචාවක් සම්බන්දයෙන් මෙය සිදු වූ බවටයි. එහිදී ජනශක්ති සභාපති විසින් ඔහුට සිදු වූ වංචාව සම්බන්ධයෙන් දිගින් දිගට යුක්තිය හා විමර්ශන ආයතන මගින් සාධාරණය ඉල්ලා සිටියත් එය එම ආයතන පැහැර හැරීම සමග එහි ප්‍රතිඵලයක් ලෙස මොහුව මෙසේ ඝාතනයට ලක් වූ බවයි මෙහිදී කීර්ති රත්නායක මහතා සඳහන් කළේ.
තවද මුදල් ලබා ගැනීමක් සම්බන්දව පිටතට ගොස් පැමිණීමට බලාපොරොත්තුවෙන් පිටව ගියත් කොලොඹ කනත්තකදී ඔහු හමු වී ඇත්තේ ඔහුගේම රියේ ගැට ගසා තිබයදිය. මෙහිදී වැඩිදුරටත් ප්‍රශ්න කිරීමේදී නිරාවරණය උනේ යම්කිසි කණ්ඩායමක් විසින් ඔහුට එසේ ශාරීරික හිරිහැර සිදුකර ගැට ගස දමා ගොස් ඇති බවයි.
මාධ්‍ය වේදියා විසින් වැඩිදුරටත් පවසා සිටියේ මුදල් වංචාවක් සම්බන්දයෙන් බ්‍රයන් තෝමස් නමැති පුද්ගලයෙක් සම්බන්ධ බවටයි. ඔහු කලින් සිටි මාධ්‍ය වේදියකු ලෙසත් ක්‍රිකට් කලමනාකාරවරයෙක් ලෙසත් කටයුතු කල පුද්ගලයෙක් වන අතර කීර්ති රත්නායක මාධ්‍ය වේදියා විසින් වැඩි දුරටත් පවසා සිටියේ බ්‍රයන් තෝමස් විසින් දිනේෂ් ශාප් හට රුපියල් බිලියන 1.4 ක් වැනි විශාල මුදලක් වංචා කර ඇති බවයි.
වැඩි දුරටත් මාධ්‍ය වේදියා විසින් අදහස් ප්‍රකාශ කර සිටියේ දිනේෂ් ශාපි ගේ මරණයට වගකිව යුත්තන් වන්නේ බ්‍රයන් තෝමස් හා ශ්‍රී ලංකා පොලිසිය වන බවයි. තවද චමුදිත මාධ්‍ය වෙදීයාගෙන් නැගූ ප්‍රශ්නයකදී පවසා සිටියේ තව සංවේදී තොරතුරු තිබුනද එම තොරතුරු මාධ්‍ය වෙත ලබා දීමට නොහැකි බවයි.
නීතිය හා සාමය සුරකිමින් ජනතාවට සිදුවන අසාධාරණකම් වලදී ඔවුනස් වෙනුවෙන් නැගී සිටීමට සිටින අංශයන්ගේ නොසැලකිල්ල නිසාවෙන් මිනිස් ජීවිතවලට වන්දි ගෙවන්න සිදු වන්නේ මෙසේය.