මෙරට තුළ වීස අවලංගුව තිබිය දීත් රැඳී සිටින බ්‍රිතාන්‍ය ජාතික kayleigh Fraser තරුණිය සොයා මේ වන විට විමර්ශන කටයුතු ආරම්භ කර ඇති බව ආගමන විගමන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.
අදාළ තරුණිය රැඳී සිට ඇති ස්ථානයෙන් මේ වන විට නිකම ගොස් ඇති බවයි එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ.
මෙම බ්‍රිතාන්‍ය ජාතික කාන්තාව ගාලුමුවදොර විරෝධතාව සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරයන් සිදු කළ ඇති අතර ඇයගේ වීසා බලපත්‍රය මේ වන විට අවලංගු කර ඇත.
ඇයට වහාම මෙරටින් පිටවන ලෙසට ආගමන විගමන දෙපාර්තමේන්තුව දැනුම් දී තිබුණි.
කෙයිලි ෆෙසර් අභායාචනාධිකරණය ඉදිරියේ ,ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් ගෙන ඇති තීරණය බල රහිත කරන ලෙසට නියෝගයක් ඉල්ලා ඉල්ලීමක් ඉදිරිපත් කළ ද එය ප්‍රතික්ෂේප කිරීමට අධිකරණය පියවර ගෙන ඇත.
ඒ අනුව මෙරටින් පිටුවහල් වන ලෙසට ඇයට දැනුම් දී ඇති නමුත් ඇය මේ වන තෙක් රටින් පිටව ගොස් නොමැති බවයි ආගමන විගමන දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
මේ වන විටත් නීතිවිරෝධී අයුරින් ඇය මෙරට තුළ රැඳී සිටින අතර ඇය සිය භාරයට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කරමින් පවතින බව ද එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පෙන්වා දී ඇත.
මේ සම්බන්ධයෙන් රාවණා ලංකා අප කළ හෙළි දරව්වක් පහතින්,