බ්‍රිතාන්‍ය සරණාගත ප්‍රශ්න

සරණාගතයන් ලෙස බ්‍රිතාන්‍යයට පැමිණි පුද්ගලයන් රුවන්ඩාවට යැවීමේ බ්‍රිතාන්‍ය රජයේ සැලසුම නීතිවිරෝධී බවට එරට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබෙන අතර සිය ජීවිත අවදානමට පත්කරමින් කුඩා බෝට්ටුවලින් සරණාගතයන් ලෙස විදෙස් පුද්ගලයන් පැමිණීම වැලැක්වීම සඳහා බ්‍රිතාන්‍යය විසින් අදාළ සැලසුම සකස් කර තිබේ.

වාර්තා වන ආකාරයට සරණාගතයකු රුවන්ඩාවට යැවූ පසු එම පුද්ගලයාට සරණාගත භාවය සඳහා රුවන්ඩාවෙන් හෝ වෙනත් රටකින් ඉල්ලුම් කිරීමට හැකි බවත් නමුත් ඔහුට ඒ සඳහා බ්‍රිතාන්‍යයෙන් ඉල්ලුම් කළ නොහැක.

එම සැලසුමට එරෙහි ව අධිකරණ නඩු පැවරුණු අතර මහාධිකරණය එම සැලසුම නීත්‍යනුකූල බවට තීරණය කළ ද අභියාචනාධිකරණය විසින් එම මහාධිකරණ නියෝගය බලරහිත කළේය.

Exit mobile version