කොට ලොරියේ පස්ස ඇල්ලු මෝටර් රථය .

මොරටුව එගොඩ උයනේදී අද (8) පස්වරුවේ අපරික්ෂාකාරීව රිය ධාවනය හේතුවෙන් ඉදිරියෙන් ගමන් ගත් කොට ලොරියක මෝටර් රථයක් ගැටී මෝටර් රථයට හානි සිදු වී ඇත.

මාර්ග නීති රීති පිළිබදව සහ වාහන 2ක් අතර නිසි පරතරය තබා ගනිමින් මාර්ගයේ ධාවනය කළ යුතු බව සහ ඒ අවශ්‍ය දැනුම රියදුරු බලපත්‍ර ලබා ගැනීමේදී විභාගයට සුදානම් වීමේදී රියදුරා ඉගෙන ගනී .

ඉදිරියෙන් ගමන් ගත් කොට රැගත් ලොරි රථය මාර්ගයේ නැවතීමත් සමග ඊට පිටුපසින් පැමිණි මෝටර් රථයට නිසි ආකාරව තිරිංග ක්‍රියාත්මක කර ගැනීමට නොහැකි වීම හේතුවෙන් සහ මාර්ගයේ ධාවනය වීමෙදී වාහන 2ක් අතර තබා ගත යුතු දුර ප්‍රමාණය තබා ගැනීමට අපොහොසත් වීම හේතුවෙන් මෙම අනතුර සිදු වී ඇත. අපරික්ෂාකාරීව රිය ධාවනය හේතුවෙන් සිදු වූ මෙම අනතුරින් මෝටර් රථයට හානි සිදු වී ඇත.

ජපානය වැනි රටවල්වල රියැදුරු බලපත්‍රය ලබා ගැනීමට නම් විභාගය තුලින් ලකුණු 100% ක් ලබා ගත යුතුය. එබැවින් එම රටවල් වල වාහන අනතුරු මෙන්ම රිය ධාවනයේදී වැරදි සිදුවන බවක් වාර්තා වන්නේ ඉතාම කලාතුරකිනි. නමුත් ලංකාවේ ලකුණු ප්‍රමාණය දෙස බැලීමේදී, එම ප්‍රමාණයේ තරමටම රිය අනතුරු වාර්ථා වේ.

Exit mobile version