මේ වන විට එක්සත් රාජධානියේ ඔමික්‍රොන් අසාදිත රෝගීන් කිහිපදෙනෙක්ම රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවට කැබිනට් අමාත්‍යවරයෙක් පළමු වරට තහවුරු කර ඇත.
බ්‍රිතාන්‍ය විද්‍යාඥයින් අවධාරණය කරන්නේ සංචරණ සීමා පනවා ඔමික්‍රොන් ප්‍රභේදය ව්‍යාප්තිය පාලනය නොකරන්නේ නම් ඉන් ජනවාරි මාසය පමණ වන විට මෙම නව වසංගතයේ නව රැල්ලකට මුහුණ දීමට සිදුවිය හැකි බවයි.
ඔවුන් පෙන්වා දෙන්නේ මෙම ප්‍රභේදය තුළින අප්‍රේල් මස අගභාගය වන විට එංගලන්තයෙන් කොවිඩ් මරණ 25,000ත් 75,000ත් අතර ප්‍රමාණයක් සිදුවීමට හේතුවිය හැකි බවයි.
එමෙන් ම දෙසැම්බර් මස අවසානය වන විට මෙම නව ඔමික්‍රොන් ප්‍රභේදය බ්‍රිතාන්‍ය තුළ ප්රමුඛ ප්‍රභේදයක් බවට පත්වනු ඇති බවට ද එරට විද්‍යාඥයින් අනතුරු අඟවා ඇත.