බාධක මැදින් අකුරු කරන අපේ රටේ පුංචි උන්ට සුබ ආරංචියක්

අද (18) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් මුදල් රාජ්‍ය අමාත්‍ය රන්ජිත් සියඹලාපිටිය මහතා ප්‍රකාශ කර තිබෙන්නේ සෙස් බදු සංශෝධනය යටතේ අත්‍යාවශ්‍ය පාසල් උපකරණවල මිලෙහි යම් වැඩිවීමක් සිදු වී ඇත්නම් එය වෙනස් කිරීමට කටයුතු කරන බවයි.

එසේම ඒ සම්බන්ධව විශේෂ සොයාබැලීමක් සිදුකරන බවත් යම් හෙයකින් අපේ රට තුළ ආදේශන ආනයනයක් හෝ තිබෙන සෙස් බද්දක් නිසා පාසල් දරුවන්ට අවශ්‍ය මුලික පාසල් උපකරණවලට බලපෑමක් සිදු වන්නේ නම් එය වෙනස් කිරීමට බලාපොරොත්තු වන බව එතුමා වැඩිදුරටත් සඳහන් කර තිබේ.   

Exit mobile version