කෙසෙල්වත්ත පොලිස් වසම තුළ පදිංචිව සිටි බාලවයස්කාර දැරියන් තිදෙනෙක් මෙලෙස අතුරුදහන්ව ඇත.
මේ පිළිබඳ විමර්ශන කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බව කෙසෙල්වත්ත පොලිසිය කොළඹ මහේස්ත්රාත් අධිකරණය වෙත දැනුම් දී ඇති අතර පොලිසිය පවසන්නේ ඔවුන් අවුරුදු 13 – 15 අතර වයසේ පසුවන දැරියන් බවයි.
ඔවුන් එකම පවුලේ සහෝදරියන් දෙදෙනෙකු සහ ඥාති සොයුරියක බවයි සඳහන් වන්නේ.
ඊයේ (08) දිනයේ දී මෙම දියණියන් නිවසින් අතුරුදන් බවට පැමිණිල්ලක් සිදු කර ඇති අතර ඒ සම්බන්ධයෙන් මේ වන විට පුළුල් විමර්ශන ආරම්භ කර ඇති බවයි පොලිසිය සඳහන් කරන්නේ.