බැතින් සැරසිය යුතු තැන මතින් සැරසෙන උන් සොයා විමර්ශන.

පසුගිය උඳුවප්  පුන් පොහෝ දිනෙන් ඇරඹි ශ්‍රීපාද වන්දනා සමයට පැමිණෙන බැතිමතුන් හැර මත්ද්‍රව්‍ය රැගෙන එන මත් එවුන් සොයා ඔවුන් අත්අඩංගුවට ගැනීමට විශේෂ මෙහෙයුමක් මේ වන විට එහි ආරම්භ කර තිබේ.

මෙම මෙහෙයුම ඊයේ (09) දින සිට හැටන් කොට්ඨාස දූෂණ මර්දන ඒකකය විසින් ආරම්භ කර තිබෙණ අතර ආරම්භක දින වන ඊයේ (09) දිනයේ දී තිදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇත.

මෙසේ අත්අඩංගුවට ගැනුනු පුද්ගලයින් තිදෙනා ගංජා සහ නීතිවිරෝධීව මෙරටට ආනයනය කරන ලද දුම්වැටි ළඟ තබාගෙන සිට ඇති අතර එම සැකකරුවන් වයස අවුරුදු 20 – 30ත් අතර තරුණයින් තිදෙනෙක් බව වාර්තා වේ.

අපේ වැඩිහිටි සීයලා ආච්චිලා ශ්‍රීපාදස්ථානය වන්දනා කරන්න සූදානම් වන්නේ සතියක් වැනි කාලයක් මස් මාළු පිළී ආහාර පවා අනුභව කිරීමෙන් වැළකී පේවී ය.අද සිටින වැඩිහිටි ප්‍රජාවෙන් ද කොටසක් මෙම සිරිත් අනුගමනය කරයි.නමුත් දැන් බිහිව සිටින නව තරුණ පරපුර නම් එසේ බැති සිතින් පේවී මෙම ශ්‍රී පාදය වැඳපුදා ගැනීමට යන බවක් අපට නොපෙනේ.

බොහෝ තරුණ පිරිස් ශ්‍රීපාද වන්දනයට යන්නේ විලාසිතාවක් කරගෙන බව දැන් දැන් සමාජ මාධ්‍ය තුළ පවා සංසරණය වන ලිපි තුළින් ගම්‍ය වේ.කෙසේ නමුත් මත්ද්‍රව්‍ය රැගෙන සිරිපා කරුණාවට පැමිණෙන්නේ කිසිසේත් බෞද්ධයින් නොවිය යුතුය.

බෞද්ධ අපේ මුදුන් මල්කඩ වන දළදා වහන්සේට පසුව තිබෙන පූජනීයම බෞද්ධ සිද්ධස්ථානය අප මහා ලොවුතුරු බුදුරජාණන් වහන්සේගේ පාදස්පර්ශය ලද මෙම ශ්‍රී පාද කන්දයි.

එවැනි පුද බිමකට මෙවැනි පවුකාරයින් මත්ද්‍රව්‍ය රැගෙන යාම කෙතරම් පහත් ක්‍රියාවක්ද යන්න ඕනම අවඥ්ඥාසහගත අයෙක්ට වුවත් වැටහෙන කරුණකි.

Exit mobile version