බැඳුම්කරයේ මුදල් ගත් අය ගැන නම් එක්කම කියනා අතරේ රාජිතගේ තවත් හොරකම් ගැන අනාවරණයක්.

නීතිමය වශයෙන් ඔප්පු කර නැති සහ යහපාලන රජය බිඳ දමා ගෝඨාභය ජනාධිපති කර ශ්‍රී ලංකාව නැත්තටම නැති කිරීමට මුල්ම වූ හේතුව වුයේ මහබැංකු බැදුම්කර වංචාවය. නීතිමය වශයෙන් එය ඔප්පු කර නැති වුවත් එවැනි දෙයක් සිදු වූ බවට රනිල් ඇතුළු එකල එක්ෂත් ජාතික පක්ෂයට එරෙහිව සිටි සියලුම ජනතාව මෙන්ම මධ්‍යස්ත ජනතාවද විශ්වාශ කරති. පක්ෂවාදයෙන් ඔබ්බට සිතන සියලු වැසියන් 2007 වසරේද මෙවැනි බැදුම්කර වංචාවක් සිදුව තිබෙන බවට විශ්වාස කරති. සාක්ෂි නැතත් ශ්‍රී ලාංකික ජනතාවට හොද රැල්ලක් නිර්මාණය කිරීමට හොද මාතෘකාවක් ප්‍රමාණවත්ය. ගෝඨාභය බලයට පත්වන්නේද මේ වෙනුවෙන් මෙන්ම පාස්කු ප්‍රහාරය සම්බන්ධවද අදාළ පුද්ගලයන්ට දඩුවම් දෙන බව පවසමිනි. නමුත් ඒ සියල්ලම පසෙක ලා ඔවුන්ම වංචා කරමින් අවසානයේ රට විනාශ කර රටින් පලා ගියේය.

මේ අතර ඊයේ චමුදිත සමරවික්‍රම මහතා සමග සාකච්චාවකට එක් වූ මතුගම සහ අගලවත්ත සමගි බලවේගයේ ප්‍රධාන සංවිධායක ජගත් විතානගේ මහතා සඳහන් කරන්නේ රාජිත සේනාරත්න මහතා රනිල් වික්‍රමසිංහ මහතා සමග සමීපව කටයුතු කරනා බවත් මහබැංකු බැදුම්කරයේ මුදල් සජිත්, රාජිත ඇතුළු සමගි බලවේගයේ සියලුම දෙනා එකතුව බෙදා ගත් බවත්, ඔහු පවසයි. මෙහිදී ජගත් විතානගේ මහතා රාජිතව දැඩි ලෙස විවේචනයට ලක් කරනා ලදී. ඔහු එහිදී පවසන්නේ රාජිත යනු එක් පක්ෂ‍යකින් පෙනී සිට තවත් පක්ෂ‍යකින් ඉදිරියට යන ජනතා මුදලින් දිවි ගෙවන්නෙක් බවයි. එසේම ජගත් විතානගේ මහතා සදහන් කරන්නේ, ඔහුගේ ව්‍යාපාරවලින් දවසකට කෝට්යකට වඩා income එකක් ලැබෙන බවයි. මෙහිදී අනාවරණය වන්නේ රාජිත සේනාරත්න මහතා ජනතා මුදලින් දිවි ගෙවන බවත් තම ව්‍යාපාරවලින් දිවි ගෙවීම මොවුන් දෙදෙනා අතර ඝට්ටනයක් ඇති වීමට ප්‍රධාන හේතුව බවද මෙහිදී අනාවරණය විය.

එසේම රාජිත යනු සමගි ජනබලවේග පක්ෂයට විරුද්ධව කටයුතු කල අයෙකු සදහන් කල ඔහු ධීවර අමාත්‍යංශය විනාශ කර මෝදර වරාය අඩු ගානකට දී මංජුල රණවකගේ බිල්ඩින් එකට කෝටි ගානක් නැති කල බවද ඔහු පවසන ලදී. එය වසා දමා මාලු 1kg ක් ඩොලර් 1කට පිටරටින් ගෙන්වූ බවත්, රාජිතට නැව් 8ක් ඔහුගේ නමට තිබෙන බවද ඔහු පවසයි. තවද රාජිත සේනාරත්න මහතා රු.දෙකෝටි විසිහය ලක්ෂ හැත්ත දෙදාහක මුදලක් කොමිෂ් ලෙස බ්ලු වර්ෂන් සමාගමෙන් ලබා ගෙන තිබෙන බවද ඔහු සදහන් කරයි.

එසේම ඔහු සදහන් කරන්නේ රාජිත සේනාරත්න, සජිත් ලඟ නොසිට රනිල් ලඟට යා යුතු බවටද ඔහු ප්‍රකාශ කරන ලදී. එසේම රට ගොඩනැගිය හැක්කේ සජිත්ට පමණක් බවද ප්‍රකාශ කරන ඔහු හොරකම් කරනා ලද මුදල් ලබා ගත හැක්කේ ඔහුට පමණක් බවද සදහන් කළේය.

සම්පූර්ණ විස්තරය පහතින් බලන්න.

Exit mobile version