පුද්ගලික සංචාරයක් සදහා විදේශගතව සිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ ඔහුගේ භාර්යාව යලි දිවයිනට පැමිණීමේදී ඔවුන් පිළිගැනීමට පැමිණි පිරිසට තේපැන් සංග්‍රයක් ලබාදී ඇති අතර එහි බිල්පත ගුවන්තොටුපල හා ගුවන් සමාගම විසින් ගෙවූ බවට ප්‍රචාරය වන තොරතුරු අසත්‍ය බව නිවේදනයක් නිකුත් කර තිබේ.
මේ සදහා ගුවන් තොටුපල ප්‍රභූ පර්යන්තය භාවිතා කර ඇති අතර එක අයකුට ඩොලර් 200 බැගින් ඩොලර් 400 මුදලක් මෙයට ගෙවා ඇති බව සදහන් විය.මොහුට එරෙහිව නැගු එම චෝදනාව අසත්‍ය බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය