බැසිල් රාජපක්ෂට එරෙහි නඩුව ජනවාරි දක්වා කල් තබයි

බැසිල් රාජපක්ෂ මහතාට විරුද්ධව මල්වාන ප්‍රදේශයේ පිහිටි දේපළක් සම්බන්ධයෙන් ගම්පහ මහාධිකරණයේ පවරා ඇති නඩුව අද (01) මහාධිකරණ විනිසුරු නිමල් රණසිංහ මහතා ඉදිරියේ කැඳවා ඇත.

අදාළ නඩුව සඳහා පෙනී සිටීමට විත්තිකරු වන බැසිල් රාජපක්ෂ මහතා ද පැමිණ තිබුණි.

ඒ අනුව අද දිනයේදී මල්වානේ පිහිටි නිවසට අදාළ වාස්තු විද්‍යාඥ මුදිත ජයකොඩි මහතාගෙන් හරස් ප්‍රශ්න කර ඇති අතර එහි දී ඔහුගේ සාක්ෂි පරස්පර විරෝධී බැවින් සහ තවදුරටත් සාක්ෂි විමසීමට ඇති බැවින් ජනවාරි 07 වනදා තෙක් කල් තබා ඇත.

Exit mobile version