බැසිල් සහ මෝදි අතර හමුවක්

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා මේ දිනවල ඉන්දියාවේ සංචාරයක නිරතව සිටින අතර අද(02) දිනයේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ද හමුවීමට නියමිතව ඇත.

එම හමුවට ඉන්දීය ශ්‍රී ලංකා මහකොමසාරිස් මිලින්ද මොරගොඩ ,මුදල් අමාත්‍යංශ ලේකම් එස්.ආර්.ආටිගල යන මහත්වරුන් ද සහභාගී වීමට නියමිතව ඇත.

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඉන්දියා සංචාරය සඳහා ඊයේ (01) දිනයේ දිවයිනෙන් පිටව ගොස් ඇත.

එමෙන් ම ඉන්දීය මුදල් හා වෙළඳ කටයුතු අමාත්‍ය නිර්මලා සීතාරාමන් මහත්මිය ඊයේ දිනයේ දී හමුව ඇති අතර එම අවස්ථාවට ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතා ද එක්ව ඇති බව වාර්තා වේ.

Exit mobile version