ටෙන්ඩර් ක්‍රියාවලිය යටතේ තෝරා පත් කරගෙන ඇති ඉන්දීය සැපයුම්කරුවන් දෙදෙනාට බිත්තර ආනයනය කිරීම සදහා අදාළ වාර්තාව අද (4) දිනයේ ලබා දෙන ලෙසට දැනුම් දුන් බවත් එම වාර්තාව ලැබුනු විගස සත්ත්ව නිශ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවත් රාජ්‍ය නීතිගත සංස්ථාවේ සභාපති ආසිරි වලිසුන්දර ප්‍රකාශ කරන ලදී . එමෙන්ම සත්ත්ව නිශ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලැබීමෙන් පසු බිත්තර ආනයනය කිරීමට කඩිනමින් පියවර ගන්නා බව එතුමා ප්‍රකාශ කරන ලදී.