උත්සව සමයෙත් කිකිළියන් ස්ට්‍රයික් කරන ලකුණු.

සමස්ත ලංකා කුකුල් ව්‍යාපාරිකයින්ගේ සංගමයේ සභාපති ප්‍රකාශ කළේ බිත්තර මිලට පාලන මිලක් පැනවීම හේතුවෙන් බිත්තර නිෂ්පාදකයින් දැඩි අසීරුතාවයකට ලක්ව සිටින බවයි.

රටේ මේ වන විට උද්ගතව ඇති ආහාර අර්බුදය හමුවේ බිත්තර නිෂ්පාදනය ද මෙසේ පසුගාමී තත්ත්වයකට ඇද වැටීම තුළින් තවදුරටත් රටේ ආර්ථික අර්බුදය සීග්‍රවයෙන් වර්ධනය වන බවද සභාපතිවරයා ප්‍රකාශ කළේ.

වගාවට අවශ්‍ය පොහොර පසුගිය රජය සමයේ නිසි කලට ලබා නොදීම හමුවේ ආහාර අර්බුදයකට මෙරට සමාජය ඇද වැටුණු බවත්, ගොවි ජනතාව ද කබළෙන් ලිපට වැටුනු බවත් සභාපතිවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

බිත්තර මිල සඳහා පාලන මිලක් නියම කිරීම වෙළඳපොළ තුළ බිත්තර හිඟවීමට ප්‍රධානම සාධකය වන බවත්, පැමිණෙන උත්සව සමයේදී බිත්තර හිඟවීම තුළින් නුදුරේදී බිත්තර නිෂ්පාදකයින් සිය ව්‍යාපාරවලින් පවා ඈත්වීමට ඉඩකඩ ඇති බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

Exit mobile version