පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය මගින් ගැසට් පත්‍රයක් නිකුත් කරමින් බිත්තර සදහා උපරිම සිල්ලර මිලක් නියම කරන ලදී .
ඒ අනුව සුදු බිත්තරයක් රුපියල් 44 ක හා රතු බිත්තරයක් රුපියල් 46 ක උපරිම සිල්ලර මිලක් නියම කල අතර රට තුළ දැනට පවතින බිත්තර හිගය ජුනි මාසය වන විට අවසන් වන බව වෙළද වාණිජ සහ ආහාර සුරක්ෂිතතා අමාත්‍යංශයේ ලේකම්වරයා පවසා සිටී.
මීට පෙර බිත්තරවල මිල රුපියල් 60 ත් 70 ත් අතර වෙළද පොළේ පැවති බැවින් නිකුත් කරනු ලැබූ ගැසට් පත්‍රය මගින් බිත්තර සදහා උපරිම සිල්ලර මිලක් නියම කිරීම ජනතාවට මහත් සහනයක් වනු ඇත .