බිනුර ගත් තීරණාත්මක තීන්දුව.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේගපන්දු යවන ක්‍රීඩක බිනුර ප්‍රනාන්දු සිය ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුමේ සටහනක් තබමින් ඔහුගේ අබාධිත තත්ත්වය පිළිබඳව සහ ඔහු විසින් මේ වන විට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් සටහනක් තබා ඇත.

ඉන් ඔහු සඳහන් කර ඇත්තේ සිය කෙටි කාලයකට ක්‍රිකට් ක්‍රීඩාවෙන් විවේක ගන්නා බවත් අනතුරුව ඔහු තවත් ශක්තිමත් වී යළි පිටියට පිවිසෙන බවත් ය.

විශේෂයෙන් ඔහු අබාධයට ලක්වීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ ඔහුව විහිළුවකට ලක් කිරීම සම්බන්ධයෙන් කණගාටුවට පත්වන බවත්, සිය අතේ පච්චයක් නොමැති වුවත් තමන් හොඳ බෞද්ධයෙක් වන බවත්, එනිසා තමන්ට එසේ අපහාස සිදුකළ අයට “සුවපත්වේවා” යැයි ප්‍රාර්ථනා කරන බවත් බිනුර එම සටහන තුළ ඇතුළත් කර ඇත.

බිනුර ප්‍රනාන්දු පසුගිය දා ඔස්ට්‍රේලියාව සමග පැවති තරඟය අතරතුරදී ආබාධයට ලක්වූ අතර ඔහුට ඉදිරි තරඟ සඳහා සහභාගී වීමට ද මෙනිසා නොහැකි වනු ඇත.

ඒ අනුව මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලිය ඔහුට අහිමිව යන ලදී.එනිසා ඔහු යළි ශ්‍රී ලංකාව වෙත කැඳවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර ඇත.

ඔහු සිය ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුමේ තබන ලද සටහන පහතින්.

Exit mobile version