ශ්‍රී ලංකාවේ කොවිඩ් 3 වන රැල්ල ආරම්භ වීමත් සමග අප්‍රේල් මාසයේ සිට දෛනික කොවිඩ් මරණ වාර්තා වී ඇති අකාරය පිලිබඳ අවධානය යොමු කරන විට එම සංඛ්‍යාව දිනෙන් දින ක්‍රමානුකූලව වර්ධනය වී ඇති බවක් පෙනේ.
එලෙස අප්‍රේල් මස සිට වාර්තා වූ කොවිඩ් මරණ මෙසේය,
අප්‍රේල් මස – 110
මැයි මස – 806
ජුනි මස – 1593
ජූලි මස – 1364
අගෝස්තු මස 29 වන දා තෙක් – 4,550
මෙම දත්ත මගින් කොවිඩ් මරණ කැපීපෙනෙන ලෙස ඉහළ ගොස් ඇති අකාරය ගම්‍ය වේ.
මෙම සංඛයාවන්ගේ ඇති විශේෂත්වය වන්නේ අප්‍රේල් මස සිට ජූලි මාසය දක්වා වූ මාස 04 තුළ වාර්තා වූ සමස්ථ මරණවල එකතුවට වඩා වැඩි සංඛ්‍යාවක් අගෝස්තු මාසය තුළදී පමණක් වාර්තා වීමයි.
මෙරට තුළ 3 වන රැල්ල ආරම්භයේ දී පැවති ඇල්ෆා ප්‍රභේදයට වඩා වාර්තා වී ඇති ඩෙල්ටා නව ප්‍රභේදයේ පවත්නා බියකරු ස්වභාවය මේ අනුව මනාව පෙනීයයි.
එසේම අගෝස්තු 30 දින හඳුනාගන්නා ලද කොවිඩ් මරණ සංඛ්‍යාව 4562 කි.