බියගම ප්රදේශයේ පෞද්ගලික ආයතනයකට අයත් ජල නල ගබඩාකර කර තිබූ ස්ථානයක් ආසන්නයේ අද (28) සවස හටගත් ගින්නනක් හේතුවෙන් විශාල ප්රදේශයකට හානි සිදුව ඇතැයි බියගම පොලිසිය පවසයි
ගින්නට හසු වීමෙන් ජල නල විශාල ප්රමාණයක් ගිනිගැනීමට ලක්ව ඇති අතර ගින්න මැඩපැවැත්වීම සදහා ගිනි නිවීම් සේවා රථ හතරක් මගින් කටයුතු කර ඇති බව සදහන්.
ගින්න හට ගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර එම ගින්න හටගත් ස්ථානය ආසන්නයේ පිහිටි පෞද්ගලික ආයතනයක විශාල කසල රැදවුමක් ද පැවැති අතර එම කසල ගොඩද ගිනිගැනීමට ලක්ව තිබෙන බවට බියගම පොලිසිය පවසයි