බිරිඳගේ පහරදීමෙන් සැමියා මරුට .

කරන්දෙණිය – ගුරුබැබිල ප්‍රදේශයේ දී කාන්තාවක් විසින් තියුණු ආයුධයකින් පහර දී සිය සැමියා ඝාතනය කර ඇති බව වාර්තා වේ.

දෙදෙනා අතර ඇති වූ බහින්බස් වීමක් හේතුවෙන් අද (03) අලුයම නිවස තුළ දී මෙම ඝාතනය සිදු ව ඇති බව වාර්තා වේ.

මිය ගොස් ඇත්තේ, 42 හැවිරිදි එක්දරු පියෙකි.

ඝාතනය සිදු කළ කාන්තාව කරන්දෙණිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

දෙදෙනා අතර නිරන්තරයෙන් මෙවැනි ආරවුල් හටගෙන ඇති අතර, ඒ සම්බන්ධයෙන් අවස්ථා කිහිපයක දී කරන්දෙණිය පොලීසියට පැමිණිලි ද ඉදිරිපත් කර ඇති බව සඳහන් .

සිද්ධිය සම්බන්ධයෙන් කරන්දෙණිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

Exit mobile version