ගර්භණී බිරිඳගේ උදරයට පාදයෙන් පහරදී කළලය විනාශ කළ සැකකාර සැමියාව ලබන 26 වනදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගතකර ඇති බව වාර්තා වේ.
මෙලෙස රිමාන්ඩ් බන්ධනාගාරගතකර ඇත්තේ කොළඹ 14 නවගම්පුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
සැකකරු කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් සමන් රත්නායක මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබාදී තිබේ.
පහරකෑමට ලක්වූ කාන්තාව තවදුරටත් රාගම ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන අතර වෛද්‍ය වාර්තා මේ වනතෙක් ලැබී නොමැති බවත් ග්‍රෑන්ඩ්පාස් පොලීසිය අධිකරණයට දැනුම් දී තිබේ.
පොලීසිය අධිකරණය වෙත පවසා ඇත්තේ නිරන්තරයෙන් අදාළ සැකකාර සැමියා සිය බිරිඳ සමග ගැටුම් ඇතිකරගන්නා බවට අනාවරණය වී ඇති බවයි.
මෙහිදී පොලීසිය වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ කුසෙහි සිටින දරුවාගේ පීතෘත්වය සම්බන්ධයෙන් ඇතිවූ බහින්බස්වීමක් දුරදිග ගොස් සැකකාර සැමියා විසින් බිරිඳගේ උදරයට සිය පාදයෙන් පහරදී ඇති බවයි.
අනතුරුව බරපතළ තත්ත්වයේ පසුවූ බිරිඳව රාගම රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මාස දෙකක කළලය විනාශ වී ඇති බවට අනාවරණය වී තිබේ.
ග්‍රෑන්ඩ්පාස් පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ කටයුතු සිදුකරනු ලබයි.