බිළිඳුන් මහමඟ දමා යාම හෝ ඝාතනය කිරීම නොකරන්න – ගීතාගෙන් ඉල්ලීමක්.

ශ්‍රිලංකාවේ බොහෝ ප්‍රදේශවලින් වාර්තාවන පරිදි මව්වරුන් විසින් බිළිඳුන් තැන තැන  දමා යාම හා  ඝාතනය කරීම සිදුවන බව පෙනීයන අතර එවැනි  අපරාධ කරන්න එපා. එවැනි දේ නොකර එම දරුවන් අපට භාර දෙන්න යැයි ළමා හා කාන්තා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මිය ඉල්ලා සිට ඇතිබව වාර්තාවේ.

අමාත්‍යවරිය මෙම ඉල්ලීම කර ඇත්තේ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේදී පැවති මාධ්‍ය හමුවකදී බව සදහන්වේ. අමාත්‍යවරිය වැඩිදුරටත් සදහන් කර ඇත්තේ ශ්‍රී ලංකාවේ මේවනවිට පවතින ආර්ථික තත්ත්වය මත බිලිදුන් රැක බලා ගැනීමේ මධ්‍යස්ථානයක් අලුතින් නිර්මාණය කිරීම අසීරු කටයුත්තක් වුවද රජයේ රෝහල්වල වෙනමම ස්ථාන ස්ථාපනය කොට එවැනි ළමුන් රැක බලා ගැනීමේ ක්‍රමවේදයක් ක්‍රියාවට නැංවීම පිළිබඳව අවධානය යොමු කර ඇතිබවයි.

මෙම කර්තව්‍ය සදහා අධිකරණ අමාත්‍යාංශය හා සෞඛ්‍ය අමාත්‍යාංශය සමඟ සාකච්ඡා කිරීමට කටයුතු කරන බවත් ශ්‍රී ලංකාවේ කාන්තා හිංසනය මෙන්ම ළමා අපචාර ප්‍රතිශතයද ඉහළ ගොස් තිබෙන බවත් ඇය ප්‍රකාශකොට තිබේ. මේ පිළිබදව පාසල් ළමුන් කටයුතු කළ යුතු ආකාරය ගැන උපදේශන වැඩසටහන් පැවැත්විය යුතුයැයි ද රාජ්‍ය අමාත්‍යවරිය වැඩි දුරටත් ප්‍රකාශ කර තිබේ.

Exit mobile version