බිළිඳු මළසිරුරේ වයස එක් දිනයි

ඊයේ (13) මහියංගණ පොළොන්නරු මාර්ගයේ අලුත්තරම ප්‍රදේශයේ බස් නැවතුම්පොළ ආසන්නයේදී දිනක් වයසැති බිළිඳු මළ සිරුරක් හමුවී තිබේ.

මෙම මළසිරුර කළු පැහැති ටියුලිප් බෑගයක බහා තිබූ බවට තොරතුරු අනාවරණය වේ.

ලද තොරතුරක් අනුව සිදුකළ විමර්ශනවලදී හමුවූ මෙම බිළිඳු මළසිරුර මේ වනවිට මහියංගණ මූලික රෝහල් මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබෙන අතර මේ සමබන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක බව වාර්තා වේ.

Exit mobile version